සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපති වික්‍රමසිංහගෙන් ඇරයුම්

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙන්වෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුලු ඉදිරි පියවර පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමට තමන් අදහස් කරන හෙයින් මන්ත්‍රීවරුන්ගේ සහ පක්ෂවල එකඟතාවය හැකි ඉක්මණින් ලබාදෙන ලෙසයි වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටින්නේ.

ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම.

අප රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට සමගාමීව රට තුල නිර්මාණය වු දේශපාලනික හා සමාජයීය අරාජිකත්වය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය මහත් පරිශ්‍රමයක් දරමින් සිටී.

ඒ අනුව, ක්‍රමවත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික සැලසුම් සකස් කරමින් පවතින අතර, ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ද ගනිමින් සිටින්නෙමු.

කෙසේ වුව ද, අප හමුවේ පවතින අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු දේශපාලන පක්ෂ, විද්වත් කණ්ඩායම්, සිවිල් සංවිධාන ආදී සියලුම පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මාගේ අදහසයි.

මේ මොහොතේ පොදු මහජනතාවගේ අභිප්‍රාය වන්නේ ද පාර්ලිමේන්තුව තුල ඔවුන් නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයින් සියලුම දෙනා පොදු වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථික හා සමාජ අර්බුදයන්ට පිළියම් සෙවීමට කටයුතු කිරීම වේ.

එය රජයේ සහ ඔබතුමාගේ ද යුතුකමකි.

ඒ අනුව, මෙම ජාතික වගකීම ඉටු කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුලු ඉදිරි පියවර පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමට මා අදහස් කරන අතර, ඒ සඳහා ඔබතුමාගේ/ පක්ෂයේ එකඟතාවය කඩිනමින් මා වෙත යොමු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...