මාධ්‍යවේදියෙකුට රජය සහතික කල මාධ්‍ය හැඳුනුම්පතක් අවශ්‍යමද ?

තරිඳු උඩුවරගෙදරගේ ප්‍රශ්ණය හරහා මාධ්‍යවේදියෙකුට රාජ්‍යය සහතිකකල මාධ්‍ය හැඳුනුම්පතක් අවශ්‍යද නැද්ද කියන ගැඨළුව නැවතත් මතුවෙනව..

ඇත්තෙන්ම මේ කාරනයේදී නියම මාධ්‍යවේදියෙක්ද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ රජය සහතික කල නිල හැඳුනුම් පතකට අනුව නම් ලංකාවේ හොඳම මාධ්‍යවේදීන් විය යුත්තේ I.T.N. එකේ සුධර්මන් වැන්නවුන් සහ ඊළඟට දෙරණෙ චතුර, සංඛ වැනි ගෝත්‍රික නාම්බන්ය…

ලෝක මාධ්‍ය ඉතිහාසය තුල සැබෑ විරෝධාකල්ප මාධ්‍ය බාවිතාවක නියැළුන විකල්ප මාධ්‍යවේදීන් රජ්‍යයේ දරුණු මර්ධන හස්තයට ගොදුරුව ඝාතනයවූ අවස්තාවන්ද ඇත..

එහිදී එවන් ඇතැම් මාධ්‍යකරුවන් රාජ්‍යයේ සුවච කීකරු ගෝලයන් නොවීම නිසාම ඔවුන්ට රාජ්‍යයේ නිල මාධ්‍ය හැඳුනුම් පත පවා නොලැඹින..

මාධ්‍යවේදියෙකු බව නිර්නය කෙරෙන්නේ රාජ්‍ය අධිකාරය විසින් නම් ගොබෙල්ස්ද හොඳ මාධ්‍යවේදියෙකි..

ඒ අනුව සැබෑ මාධ්‍යකරුවෙක්ද නැද්ද තීරණය කෙරෙන්නේ උක්ත පුත්ගලයාගේ මාධ්‍ය භාවිතාවට සාපේක්ෂව මිස ආන්ඩුව දෙන හැඳුනුම්පතකට අනුව නොවේ යැයි මම සිතමි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරමක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්වයක්

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...