වාර්තා ගත ජූලිය!

කොළඹ LNW:ජූලි මාසයේදී මෙරටට සංචාරක පැමිණීම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කොරෝනා වසංගතයට පසුව, එක් මාසයක් තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි මාසය මේ ජූලි මාසය බවට පත්ව ඇත.

මාසයේ මුල් දින 27ට, දිවයිනට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 123,503 ක් වන අතර ඒ අනුව, ජනවාරි සිට ජූලි 17 දක්වා පැමිණ තිබෙන සමස්ත සංචාරක සංඛ්‍යාව 748,377 ක් ලෙසයි දැක්වෙන්නේ.

මෙම සංඛ්‍යාව, පසුගිය වසරේ පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව ඉක්මවා යමක් බවද සඳහන්.

ජූලි මාසයේ දෛනික සංචාරක පැමිණීම, ජූනි මාසයේ පැවති, 3,346 සිට 4,574 දක්වා ඉහළ ගොස් තිබේ.

ජූලි මාසයේ මේ දක්වා වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. පැමිණ සංචාරකයන් සංඛ්‍යාව, 20, 779 කි.

දෙවැනියට වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 15,126 කි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...