ජල හිඟය නිසා වී වගාවට සහ විදුලිබල නිෂ්පාදනය අඩාල වන ලකුණු 

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍යංශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදී ලංකා විදුලි බල මණ්ඩලය ඒ බව ප්‍රකාශ කර ඇත්තේ, උඩවළව ජලාශයට සමනලවැවෙන් ජලය නිකුත් කළහොත්,දකුණු පළාතට පැය 3 ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවයි.

අමාත්‍යවරයා එම සැකච්ඡාව කැඳවා තිබුණේ, සිය වගාව සඳහා අවශ්‍ය ජලය ලබා දෙන්නැයි ඉල්ලා මේ දිනවල පැවැත්වෙන ගොවි උද්ඝෝෂණ සැළකිල්ලට ගනිමිනි.

එහිදී සමනලවැවේ සිට උඩවලව ජලාශයට දින 10 කට ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා, කෘෂිකර්ම, මහවැලි, වාරිමාර්ග හා විදුලි බල අමාත්‍යාංශ නිලධාරින් සමග සාකච්ඡා සිදුකර ඇත. ඒ අනුව පවතින ජල මට්ටම තවත් පහළ යාම හේතුවෙන් දකුණු පළාතට පැයක සිට පැය 3ක් දක්වා විදුලි කප්පාදුවක්
කිරීමට සිදුවන බව, විදුලි බල මණ්ඩල නිලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.

පවතින ජල ගැටලුව හේතුවෙන් ඉදිරි සතිය තුළ වී වගාවෙන් රුපියල් බිලියන 16.81ක සහ විදුලිබල නිෂ්පාදනය අඩාලවීමෙන් රුපියල් බිලියන 1.6ක අලාභයක් සිදුවිය හැකි බවට ගණන් බලා ඇත.

සමස්තයක් ලෙස රුපියල් බිලියන 30 ක පමණ පාඩුවක් ඉන් සිදුවිය හැකි බව අමාත්‍යවරයා පවසයි.

තව  දුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් මෙම වසරේ සහල් නිෂ්පාදනයට ද දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...