අඳුර ටික ටික තද වෙනවා.තැන කොළඹ කනත්ත.මටත් ටික ටික චූ බර තදවෙලා කනත්තෙ කැඩුණ තැනකින් ඇතුළට පැන්නා.මෙලෝ සිහියක් නැතුව මං වැඩෙ කරන අස්සෙ ඔළුව උස්සලා බලන කොට මහත්තෙක් මං දිහා බලාගෙන ඉන්නවා.
ඔයා පත්තරේද තවමත්?
මට කෙළ හිඳුණා.මූණ හොදටම මතකයි.දැන් මැරිලා ටික කාලයයි.ජීවිතෙ පළමු වතාවට මැරිච්ච මිනිහෙක් එක්ක ඇත්තටම කතා කරන්න වෙලා.ඒත් වචන එන්නෙ නැහැ.
මං මෙතන ඉදන් ස්කෝලෙ දිහා බලාගෙන හිටියෙ.
මනුස්සය එහෙම කියන ගමන් හිටි පිම්මෙන් පැන්න ගහක් උඩට.තරමක් කොළ රහිත ගහේ ශක්තිමත් අත්තක කෙළවර තියෙන දෙබලක වාඩි වෙලා මනුස්සය ආපහු ස්කෝලෙ පැත්ත බලා ගත්තා.
මොකද ස්ර් අවුලක වගෙ
මනුස්සයගෙ මුණෙ තියෙන මලානික පෙණුම එම්බාම් හින්ද නෙමෙයි කියලා තේරුණ නිසා මං ඇහැව්වා.
මැරෙන එක තරම් වෙන අවුලක් නැහැ කියලා මම හිතාගෙන හිටියෙ පුතා.දැන් ජීවත්වෙන එක ඊට වඩා අවුල් නේද?
මට ඉතිං දෙන්න උත්තර නැහැ.මං නිහඬවම බලාගෙන හිටියා.
පුතා දන්නවද ඔය ස්කෝලෙ තේමා පාඨය මොකද්ද කියලා?
මනුස්සය මගෙන් අහනවා.මට ඇත්තටම මතක නැහැ.හැබැයි නොම්බර එකේ අධ්‍යාපනඥයෙක් හැටියට මෙයා හොඳ ආදර්ශමත් එකක් දාලා ඇති කියලා මට හිතුණා.
තමාට පෙර රට
මට කිව්වද එයා එයාටම කියා ගත්තද කියලා මට හිතාගන්න බැහැ.ඇස් දෙකෙන් කඳුළු බිංදු දෙකක් බේරෙනවා.
ස්ර් ඇයි මේ?
ඇත්තටම මේ වගෙ මනුස්සයෙක් හඩන කොට අපිටත් හැඬෙන්න එනවා.
ස්ර් මට කියන්න.පුළුවන් විදිහට ස්කෝලෙට උදව්වක් කරන්නම්.අපිත් ඉතිං ආසයි අපි නොගියත් ඔය ස්කෝලෙට.
මම කිව්වෙ ඇත්තටමයි.
ස්කෝලෙ නෙමෙයි.දරුවන්ගෙ.
බොහොම කණගාටුදායක හඬකින් එයා මිමිණුවා.
ස්කෝලෙ දුරුවන්ට මොකද්ද තියෙන ප්‍රශ්නය ස්ර්
මට තවත් තදින් ඒ ප්‍රශ්ණය දැණුනා.
ස්කෝලෙ දරුවො ගැන නෙමෙයි පුතා.මගේ පුතා ගැන.
රට ගැන පෙරට තබා හිතන්න ලක්ෂ ගාණක දරුවන් වෙනුවෙන් පාසලක් හදපු තාත්තා කෙනෙක් හැටියට ඒ කතාව ඇහැව්වම මටත් හැඬෙන්න ආවා.”වකුගඩු ප්‍රශ්නයක් හෙමනම් ලේ වර්ගය හරිනම් මං දෙනවා ශත පහක් එපා කියලා” මං කිව්වෙ ඇත්තටම ඒ මනුස්සය ගැන තියෙන ගෞරවනීය හැඟීම හින්දයි.
උට නැත්තෙ එකක් නෙමෙයි පුතා.දෙකක්ම නැහැ.මොළෙයි, හදවතයි.
හදවතනම් දෙන්න පුළුවන් මොලේ දෙන්න පුළුවන් කියලා මං අහලා නැහැ.ඇත්තටම මං අසරණ වුණා.
ස්කෝලෙ කොල්ලෙක් රට එකට හිතාගෙන වැඩ කරන කොට මූ අර බලු හමුදාවක් දාලා කරපු වැඩේ දැක්ද පුතා.මට පුළුවන්නම් මුගෙ ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරවගන්න දොස්තර කෙනෙක් හොයා දෙන්න.
මනුස්සය හඬා වැටෙමින් කිව්වා.
නෝනා ගැනනම් එහෙම හිතන එක හරි නැහැ නේද ස්ර්
එහෙම සැකයක් නැහැ පුතා.ඒත් ස්පිරිතාලවල මාරු වෙන්න බැරිද?මං හදාපු ස්කෝලෙ ළමයිත් දැන් වෙනස් වෙලා තමයි.ඒත් මං දුරට හිතලා දාපු තේමාවට අනුව වැඩ කරන එකෙක්ට මගෙ ලෙයින්ම උපන් එකෙක්ට අර විදිහට බලු විදිහට සළකන්න පුළුවන්ද?
එහෙම කියලා අර මනුස්සය අර ගහෙන් බිමට පැනලා ආයෙත් මැරුණා.
ද ක්ලීනර්
