කෙසෙල්වත්තේදී වෙඩි ප්‍රහාරයක්, පුද්ගලයකු මරුට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෙසෙල්වත්ත පොලිස් වසමේ, මාටිස් ලේන් ප්‍රදේශයේ දී අද (30) සවස  වෙඩිතැබීමක් සිදුව ඇති අතර, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනිඅවියකින් මාර්ගය අසල රැඳී සිටි තරුණයෙකුට වෙඩි තබා ඇත.

එහිදී වෙඩි වැදීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී 20 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

පසුව වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් පළා ගොස් ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොළීසිය වැඩිදුරටත් පවසන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...