රටට පැහැදිලි වෙනසක් අවශ්‍යයි. ඒ නිසා වහාම මැතිවරණයකට යන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

Date:

රටේ ජනතාව දුක්විදින විට බංකොලොත් රටක මේ රජය ජනතාවගේ කරපිටින් කොමිස් ගැසීම් සිදු කරන බවත් මේ වන විටත් කෝටි ගණනින් කොමිස් ගසමින් කාච තමන්ට කැමති ආයතනයකට මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙමින් අති විශාල මුදල් ප්‍රමාණයක් මේ රටට පාඩු කරන තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන බවත් බංකොලොත් රටේ මේ රටේ ජනතාව මරණ මංචකයට ගෙනියන්න සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කරන බවත් අල්ලස දූෂණය වංචාව සෞඛ්‍ය ක්ෂේත්‍රය පුරාවට ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බාල බෙහෙත් නිසා ජීවිත අහිමි වි ඇති බවත් මේ රටේ ම ජනතාව අන්ද වී ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ රටට පැහැදිලි වෙනසක් අවශ්‍ය බවත් එය ජනතාව තීන්දු කළ යුතු බැවින් රජයට මේ රට යහමගට ගෙනවින් යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කළ නොහැකි නම් ජනවරමකට යාමට සූදානම් වන ලෙසත් ඒ සඳහා සමගි ජන බලවේගය සූදානම් බවත් ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කරන්න සූදානම් බවත් පැවසීය.

මැතිවරණයට ජනමතයට බය නොවී මෙවැනි නිවට ක්‍රියාවලින් ඈත් වී වහාම මැතිවරණයක් සඳහා යොමු වන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (30) වත්මන් රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අනුරාධපුරයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එසේ ම දිනෙන් දින අප රටේ ජනතාව දුර්වල රාජ්‍ය පාලනය නිසා කබලෙන් ලිපට වැටී ජන ජීවිත විනාශ මුඛයට කරා ගොස් සාමාන්‍ය ජනතාව අන්ත අන්ධකාරයට පත්ව ඇති බවත් ගොවි ජනතාවට තමන්ගේ වී ටික ස්ථාවර මිලකට විකුණා ගත නොහැකි වි ඇති බවත් රුපියල් 60ට 70ට වී ටික අලෙවි කර ගෙන වියදම් කළමනාකරණය කර ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තව ද අත්‍යාවශ්‍ය සේවාවන් වත් සපයා ගත නොහැකිව ණය බරින් මිරිකී පීඩනයෙන් තෙරපී සිටින අවස්ථාවක සේනා දළඹුවාගෙන් ඇතිව තිබෙන උවදුර තුළ ගොවි ජනතාවට දැඩි පීඩනයකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අභයගිරිය, උඩමලුව, රුවන්වැලිසෑය, ඉසුරුමුණිය, ථූපාරාමය සහ සාරානන්ද පිරිවෙන ආදී විහාරස්ථානවල චාරිකාවක නිරත වෙමින් මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ගැනීම ද සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව මහාධිකරණ විනිසුරුවරුන් 18 දෙනෙකුට ජනපති අනුර අතින් පත්වීම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු...

ICCPR සම්මුතිය තියෙන්නේ දේශපාලන පළිගැනීම් සඳහා නොවෙයි – විපක්ෂ නායක

කොළඹ LNW: දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය...

රදවා තැබූ BYD විද්‍යුත් වාහන 506ක් රේගුවෙන් මුදා හැරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : BYD විද්‍යුත් වාහන...