සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්, මෙරට තුළ ව්‍යාපාර පහසුකම් ඉහළ දැමීම සඳහා අවශ්‍ය නිර්දේශ සකස් කිරීම සඳහා වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසන්නේ , ආයෝජන සඳහා හිතකර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි.
එහිදී ඔහු කියා සිටියේ, ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කරමින් රට තුළ ව්‍යාපාර පහසු කිරීමේ නීතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බවත් , එමෙන්ම රාජ්‍ය සේවයේ ඇති නිලධාරීවාදය ආයෝජන සහ ව්‍යාපාර දිරි ගැන්වීමේ දී ප්‍රධාන බාධාවක් වී ඇති බවයි.
ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, ඒ හේතුවෙන් පරිපාලනය වෙනුවට රාජ්‍ය සේවා කළමනාකරණ ප්‍රතිපත්තියක් අවශ්‍ය බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??