පොහොට්ටු පාක්ෂිකයා රැකගන්න රනිල් හැර විකල්පයක් නැහැ – ප්‍රසන්න මහින්දට ලියයි!

Date:

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට කැපවන බව අමාත්‍ය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

හෘද සාක්ෂියට එකඟව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණයට එකඟවිය නොහැකි බවත් ඒ අනුව තමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන බවත් එම ලිපියෙහි රණතුංග මහතා දක්වා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස නැවත පත්කිරීමෙන් මිස පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ තමන්ට නොපෙනෙන බවයි ඔහු එම ලිපියෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් එමඟින් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරයන බවක් හෝ එක්සත් ජාතික පක්ෂයේ සරණ යන බවක් අදහස් නොකරන බවද ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා...