ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු තුනක් තියාගෙන රටක් කළඹනවා – ජොන්ස්ටන්

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයන් පක්‍ෂය හැර නොයන බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හැර කවුරු පක්‍ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (31) පැවසීය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් පක්‍ෂයේ තීරණයට විරුද්ධ වී නොමැති බවත් එම පිරිසේ සමහරුන් මෙහෙත් සිටිමින් රඟපෑමක් කරන බවත් ප්‍රනාන්දු මහතා කීය.
කොළඹදී ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තතු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එසේ පැවසීය.


රනිල් වික්‍රමසිංහ මහතා ළගට ගොස් සිටින අයත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පිංතුරය ගහගෙන පාර්ලිමේන්තුවට ආපු අය බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔවුන් ගමට ගොස් මහින්ද මහත්තයා අගමැති කරන්න ප්‍රාදේශීය සභා අපේක්‍ෂකයට ඡන්දය දෙන්න කියපු අය බව ද සඳහන් කළේය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මත තිබීම නිසා ජනතාව පක්‍ෂය හැර නොයන බවත් ගිය අය ඡන්ද 200 ක්, 500 ක් හෝ 1000 ක් ගෙනියනු ඇති බවත් ඒ මහතා කීය.


කවුරු ගියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවැටෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු තුනක් තියාගෙන රටක් කළඹන බවත් ඒ මහතා පැවසීය.


අරගලයට ගිය ප්‍රේමදාස මහත්තයව ගහලා එලවද්දී ආෂු කියන ආකාරයට කූඩාරම් 17 ක් ගහපු අරගලයේ පිරිස ඉල්ලූ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති කළ බවත් බදු අඩු කළ ජනාධිපතිව ගහලා එලවලා බදු වැඩි කරපු කෙනාව ඉල්ලූ බවත් ඔහු සඳහන් කළේය.


පක්‍ෂය හැරදා ගිය පිරිස යෑමට හේතුව කුමක්ද යන්න ජනවතාව දන්නා බවත් පක්‍ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන්න තීරණය කළේ නම් ඔවුන් සජබෙට යන බවත් ප්‍රනාන්දු මහතා පැවසීය.


එසේ වූයේ නම් නඩු බේරගන්න ගියේ යැයි පවසන බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ අලුත් ඡන්ද ලක්‍ෂ 15 කට වැඩියෙන් ගතහැකි අපේක්‍ෂකයෙක් එම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන බවත්ය.  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

මෝසම් වැසි ක්‍රමයෙන් සක්‍රිය වෙයි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු සමුගනී !

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය...