රෝහිතගේ දියණිය අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත!

Date:

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW :

අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන මහත්මිය අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. එසේ අත්අඩංගුවට ගනු ලැබූයේ ජීප් රථ ගණුදෙනුවක් සම්බන්ධයෙනි.

ව්‍යාජ දත්ත ඇතුළත් කළ ලියාපදිංචි කළ ජීප් රථ ගණුදෙනුවක් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ උදෑසන එම ඒකකය වෙත භාරවූ අවස්ථාවේදීයි.

එහිදී ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඇය ඉදිරි විමර්ශන සඳහා මතුගම පොලිස් ස්ථානය වෙත ඊයේ රාත්‍රියේ භාරදී තිබුණ බව වාර්තා වේ.

මෙම සිද්ධියට අදාල ජීප් රථය වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සිය භාරයට ගනු ලැබුවේ ඉකුත් ජූලි 19 වනදා වන අතර, මතුගම නගරයේදී එම ජීප් රථය සමග එය පැදවූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතගේ පුත් රසික විතාන මහතා ද අත්අඩංගුවට ගැනුණි.

පසුව මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා ද අධිකරණයට භාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, එම අවස්ථාවේදී අධිකරණය නියෝග කළේ රසික විතාන මහතා ඇප මත මුදාහැරීමටයි.

ප්‍රශ්නගත ජීප් රථයේ අටවන ලියාපදිංචි හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන වන බවත් එම ජීප් රථයේ නවවන හිමිකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ සමාගමක් ලියාපදිංචි කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...