ද්වි-රාජ්‍ය විසඳුම’ ක්‍රියාත්මක කිරීමට එක්වෙන්න චීනයෙන් ඉල්ලීමක්!

Date:

කොළඹ LNW:‘පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම’ පිළිබඳ ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සමුළුව එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් හි මූලස්ථානයේ දී පැවැත්වුණා.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර පුළුල්, සාධාරණ සහ කල් පවත්නා සාමයක් ප්‍රවර්ධනය කරමින් ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාම සඳහා, ප්‍රායෝගිකව ක්‍රියා කරන ලෙස මැදපෙරදිග ප්‍රශ්නය පිළිබඳ චීන විශේෂ නියෝජිත Zhai Jun මහතා එහිදී ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියා.

මානුෂීය අර්බුද සමනය කරමින් ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා යථාර්ථවාදී කොන්දේසි නිර්මාණය කිරීම සඳහා, ගාසා තීරයේ සම්පූර්ණ සටන් විරාමයකට කඩිනමින් පියවර ගත යුතු බව චීනය ප්‍රකාශ කර සිටිනවා. ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පාලනය ඉදිරියට ගෙන යාමේදී “පලස්තීන ජාතිකයන් විසින් පලස්තීනය පාලනය කිරීම” යන මූලධර්මයෙහි දැඩි ලෙස එල්බ සිටිය යුතු බව චීනයේ අදහසයි.

පලස්තීනය සහ ඊශ්‍රායලය ඇතුළු මැදපෙරදිග රටවල ආරක්ෂාව අන්‍යෝන්‍ය වශයෙන් රඳා පවතින්නක් බැවින් ඒකපාර්ශ්වික ආරක්ෂාවෙන් සාමය ඇති නොවන අතර පොදු ආරක්ෂාවෙන් පමණක් තිරසර සාමයක් උදාකරලිය හැකි බව චීන නියෝජිතයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...