ද්වි-රාජ්‍ය විසඳුම’ ක්‍රියාත්මක කිරීමට එක්වෙන්න චීනයෙන් ඉල්ලීමක්!

Date:

කොළඹ LNW:‘පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම’ පිළිබඳ ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සමුළුව එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් හි මූලස්ථානයේ දී පැවැත්වුණා.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර පුළුල්, සාධාරණ සහ කල් පවත්නා සාමයක් ප්‍රවර්ධනය කරමින් ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාම සඳහා, ප්‍රායෝගිකව ක්‍රියා කරන ලෙස මැදපෙරදිග ප්‍රශ්නය පිළිබඳ චීන විශේෂ නියෝජිත Zhai Jun මහතා එහිදී ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියා.

මානුෂීය අර්බුද සමනය කරමින් ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා යථාර්ථවාදී කොන්දේසි නිර්මාණය කිරීම සඳහා, ගාසා තීරයේ සම්පූර්ණ සටන් විරාමයකට කඩිනමින් පියවර ගත යුතු බව චීනය ප්‍රකාශ කර සිටිනවා. ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පාලනය ඉදිරියට ගෙන යාමේදී “පලස්තීන ජාතිකයන් විසින් පලස්තීනය පාලනය කිරීම” යන මූලධර්මයෙහි දැඩි ලෙස එල්බ සිටිය යුතු බව චීනයේ අදහසයි.

පලස්තීනය සහ ඊශ්‍රායලය ඇතුළු මැදපෙරදිග රටවල ආරක්ෂාව අන්‍යෝන්‍ය වශයෙන් රඳා පවතින්නක් බැවින් ඒකපාර්ශ්වික ආරක්ෂාවෙන් සාමය ඇති නොවන අතර පොදු ආරක්ෂාවෙන් පමණක් තිරසර සාමයක් උදාකරලිය හැකි බව චීන නියෝජිතයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...