කැලණියට මිලියන 230ක සංවර්ධන වැඩසටහන්!.

Date:

කොළඹ LNW:ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද (31) දින ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතගේ සභාපතිත්වයෙන් යුතුව කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී රැස් විය.

එහිදී 2025 වර්ෂයට අදාළව කැලණිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, කැලණිය ප්‍රාදේශීය සභාව, පෑලියගොඩ නගර සභාව මගින් රුපියල් මිලියන 230ක වියදමින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති 102ක් පිළිබන්දව ප්‍රගතිය සාකච්ඡා කළේය.

එමෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටළු සහ ඒ සඳහා විසඳුම් සොයා බලා අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් ලබාදෙන ලදි. ප්‍රදේශයයේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම හා පොදු ගැටළු සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන්නට විය.

මත් ද්‍රව්‍ය උවදුර මැඩලීම, ගංවතුර පාලනය, කිරිබත්ගොඩ නගරයේ අධික වාහන තදබදය වැනි කරුණු පිළිබන්දව ද අවධානය යොමු කරන ලදී.

කැලණිය ප්‍රාදේශීය ලේකම්තුමිය, කැලණිය, කිරිබත්ගොඩ, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරු, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති, පෑලියගොඩ නගර සභාවේ සභාපති, ප්‍රාදේශීය මහජන නියෝජිතයන්, සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා නිළධාරී මහත්ම මහත්මීන් මෙම අවස්තාවට එක්වසිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...

ඇමති නලින්දගෙන් සජබ නිරෝෂන්ට රු. බිලියනක එන්තරවාසියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...