සටහන – නිශ්මං රණසිංහ
ජූලි 31, කොළඹ LNW:
බලය කියන කාරණය හරිම සංවේදී කාරණයක්.ඒ සමඟම මිනිසුන් වෙනස් වෙනවා.අංශක 360 ක් කැරකෙනවා.තමන් කැමති බලය ඇතුළෙ ආරක්ෂාව උපරිමය තියෙන සහ තම පැවත්ම ස්ථීරයි – තහවුරුයි කියා විශ්වාස කරන සංස්කෘතිය තදින්ම තියෙන තැනක් තමයි ක්‍රීඩාව.
සංස්කරණ හැටියට කොට්ට උරය මාරුව වගේ කාරණාවන් වෙමින් කොට්ටය රැක ගැනීම සිඳු විය යුතු බව පෙන්වා දුන්න ද ඒවා ගණනකට ගන්නේ නැහැ.කුමන හෝ පරිපාලනයකට අදාළව යම් යම් කාරණාවන් ඇගයීමට ලක් කර ලිවීම හෝ කතා කිරීම යනු නව පරිපාලනයේ පාර්ශවකුරුවෙකු ලෙස නොසළකා හරින්නට සහ ඒ පරිපාලනය යටතෙ ක්‍රීඩාව ගැන ලියන්නට නුසුදුසු වෙයි.එහෙත් පුද්ගලානුභූතින් වැදගත් නොමැත.ක්‍රීඩාව වෙනුවෙන් අපගේ මැදිහත්වීම සිදු වූයේ නව බොක්සිං පරිපාලනය පත් වූ විට ඊට නව ගමණකට සුබ පතමින් ලිවීමය.එසේම සුරැකිය යුතු යොවුන් සංචිතයක් නඩත්තු කිරීම වැනි කරුණු සුරැකිය යුතු බව ද කීවේය.
ප්‍රතිපලය වූයේ හිටපු සභාපතිවරයා සම්බන්ධයෙන් විවේචන කරන කාලයක ඊට විරුද්ධව එම සභාපතිවරයා ගැන පෙනී සිටි,ඔහු විසින් දුන් රැකියාවෙන් ජීවිතය නඩත්තු කරමින් සිටි පුහුණුකරුවෙකුගේ දුරකතනයෙන් තවත් අයෙකු අපට ලියන්නට අවශ්‍යය ආකාරය කියමින් තග දැමීමය.ඒ මොහොතේම අප යම් ආකාරයකින් දේවදත්තනේගෙන් බණ අසා බුදුන්ට ගල් පෙරළන මට්ටමට බොක්සිං ක්‍රීඩාවේ අනාගතය පත් කරන පිරිසක් නව සභාපතිවරයාගේ මාර්ගෝපදේශනය සඳහා සූදානම් වන අපි ලියා තැබුවෙමු.
ඩනේ ගෝමස් පන්නයෙන් බෝක්සිංවල නැති මුදල් ඊට ආයෝජනය කිරීමට නව සභාපතිවරයා සූදානම් බව අවස්ථා කිහිපයකදී අපි දුටුවෙමු.ඩයන් සමස්ත ලාංකේය බොක්සිං වෙනුවෙන් ද වැය කළ බව අපි දකිමු.බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් නොව පුහුණුකරුවන් ද,ඇතැම් අවස්ථාවක විශ්‍රාමික තත්ත්වයේ සිටි බොක්සිං ප්‍රවීනයන්ද සුරක්ෂිත කිරීම පිණිස රැකියා ලබා දුන්නේය.අනුරුද්ධටත් එවැනි පෞද්ගලික දේපළක් තිබෙන බව දුටුව අතර ඒවායෙන් යැපෙන්නේ කවර අයද යන්න අර්ථයෙන් උපදෙස් දුන් දේවදත්තලාලා තීරණය කර තිබුණෙන් ඉක්මණින්ම සිඳු වූයේ අනුරුද්ධ ගේ බලයේ තීරක බලවේග ඔහුව හැර යාමය.තනතුරු පිටින් ගැලවී යාමය.
එහෙත් දේවදත්තලා ඉතුරු විය.ඔවුන් විසින් ආජජාසත් කෙනෙකු බවට පෙරළා ගෙන සිටි අනුරුද්ධ පාපයේම ගැලිණ.ක්‍රිඩා පරිපාලනය සහ ක්‍රීඩාවේ හතර කොණ නොදැන සිටි දේශපාලනයන් එහි පරිපාලකයන් සහ සහයකයන් වීමෙන් ඉනික්බිතිව සිඳුු වූයේ බොක්සිංවලට ඇන්දීමය.එය රහට කෙරුණ අතර නීතිය ගැන විවිධ පුරාජේරු කියන ක්‍රීඩා ඇමතිවරයා තමන්ව හීලෑ කර ගත් පරිපාලකයන්ට සළකන හැන්ද බොක්සිං අනුරුද්ධට ද බෙදීමය.
අනුරුද්ධ ආසියානු කණිෂ්ඨ බොක්සිං තරගාවලිය ශ්‍රී ලංකාවට ගෙනාවේය.එය වැදගත් ඇගයිය යුතු පියවරකි.එහෙත් ඔහු පුන පුනා ඇමතිවරයා සමඟ ද එක්ව සමාජයට කී තරම් පිරිසක් එම තරගාවලිය නියෝජනය නොකළ බැව් පිළිගත යුතුය.ඒ නිසා අප ඔහුව ඇගයෙන අතරේම විවේචනයද කළෙමු.එහෙත් අපූරු බොක්සිං තරග පසුබිමක ආලෝක පද්ධතිවලින් විහිදෙන තරු ලකුණු සහිත බිමක තමාව ප්‍රධානියා කිරීමෙන් සොම්නසට පත් අමාත්‍යවරයා දුටුවේ අඩුව නොව තමන්ට දුන් පිළිගැනීමේන් අන්ධ වෙමින් එය ඉහළින් වැනීමය.
මේ ආශිර්වාදය මැද්දේ දේවදත්තලාට සහ අජසාත්තලාට සාදු කියන ඇමතිවරයෙක් නිර්මාණය කර ගත් අනුරුදුධලා ෂීසෙල්ස් තරග සංචාරයක යෙදුණේ අනුමැතියට අදාළ නිසි ක්‍රියාමාර්ග නොගෙනය.ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් ගැන කියවුණ ද ඒවා හුඹස් පෙට්ටියට දැමෙන ලකුණු පහළ වී ඇත.මෙයින් දිරි ගත් බොක්සිං පරිපාලනය මේ මොහොතේ තායිලන්තයේ සිටින්නේ ආසියානු අවුරුදු 22 න් පහළ සහ 19 න් පහළ තරගයට සහභාගි වන්නට අමාත්‍යංශයේ නිසි අවසරයද නොගෙන පිටත්වීය.විශේෂයෙන් පාසල් දරුවන් ද රැඟෙන අවසර ලබා ගැනීමට පෙරාතුව පිට්වීම සෑහෙන නරක තත්ත්වයක්ය.ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කර ඇති උපදෙස් අනුව කටයුතු කිරීම පසෙකලා මේ කණ්ඩායමට ජාතික තේරීම් කමිටුවෙන් අනුමැතිය ලබා ගන්නේ ද ජූලි 30 වන දිනයේදී ය.
එසේ තිබියදී මේ කණ්ඩායමට තරගාවලියට සහභාගි වීම සඳහා අවසරය ලැබෙන්නේ ක්‍රීඩා ඇමතිවරයාගේ හෝ අමාත්‍යංශ ලේකම්වරයාගේ හෝ ඔවුන් දෙදෙනා නමා ගැනීමට හැකි වෙනත් අමාත්‍යංශයට සම්බන්ධ දේශපාලන චරිතයකින් ‘ යන්න මං අනුමැතිය අරං දෙන්නම් යන න්‍යායෙන්ද යන්න විමසා බැලිය යුතුව ඇත.
දෙන්නම් කාසිවලට වැඩ කරන ආකාරයට ජාතිය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වන්නට ඉඩ ඇද්ද යන්න ඉදිරියේදී නීතිමය පරිසරයක් තුළ කතාබහට ලක් වෙනු ඇත. අප මීට පෙර සාකච්ඡාවට ගත් ලෝක බොක්සිං සම්මේලනය සමඟ වැඩ කිරීමේ වැදගත් කම මේ වන විට බොක්සිං පරිපාලනයට ඒත්තු ගොස් තිබීම වැදගත්ය.ශ්‍රී ලංකාවේ කණිෂ්ට තරගාවලිය රටවල් කැඳවමින් පවත්වන්නට පෙරම මෙහි භයානක කම අපි කීවෙමු.එහෙත් ඇමතිවරයාට විවේචනය ඔරොත්තු දෙන්නේ නැත.එසේම සැළකිලි ගරු කිරීලි මත ඇති කර ගන්නා හිතවතුන්ට රුචි විදිහට ක්‍රීඩාව පාලනය දැන් ක්‍රීඩාවේ නීතිය මෙන්ය.
පරිපාලනයට නිදහස දෙන බව ක්‍රීඩාවක් ගැන කියමින් මුමුණන ඇමතිවරයා රගර් වැනි ක්‍රීඩාවකදී පවතින ව්‍යස්ථාවේ බලය ඇති පිරිසගේ බලය අහෝසි කර තමන්ගේ හිතවතුන්ට බලය ලැබෙන පරිදි ව්‍යවස්ථාව සකසා දීමට සියලු වෙර වීරිය ගනිමින් ඇත.නාමල් රාජපක්ෂගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළ එයින් රටට හානි කළ රගර් පාළකයන් සහ හිතවතුන්ට අනුව නාමල්ටත් බැරි වූ බලයක් දෙමින් රගර් ක්‍රියාත්මක කරන අතරේ බොක්සිං ක්‍රීඩාවත් ලෝක සම්මේලනයේ අනුමැතියට අමාත්‍යංශය හරහා අනුමැතිය සහිතව එන්න අවශ්‍යය බව කීම ගැන තවම සළකා බලා නැත.ඊට හේතුව ජාත්‍යන්තර ඔලිම්පික් සංගමයේ පිළිගත් බොක්සිං සංගමයට පිටින් වැඩ කරන්නට අමාත්වරයාව පෙළඹවීම නිසාය.සැන් අමාක්‍යවරයාට මේ තත්ත්වය පැහැදිළි කර ලෝක බොක්සිං සම්මේලනය සමඟ වැඩ කළ යුතුය
කියන්න බැරි තරමට ඇමතිවරයාව පෙර සංගමය සමඟ වැඩ කිරීම සඳහා පොළඹවාගන්න කිව යුතු බොරු ටික කියා අවසන් බැවින් ලෝක සම්මේලනයේ සාමාජිකත්වය නැතුව සහභාගි විය හැකි මේ තරගාවලියට ශ්‍රී ලංකාව යොදවා ඇත.
දැන් එක එක හැඩයේ එක වර්ගයෙ ඇට වර්ගවලින් කළවම් කර සකසන ලද මාලයක් වැනි තත්ත්වයට පත්ව ඇති ක්‍රීඩාවේ නීතිය ක්‍රියාත්මක වීම් සහ හැසිරීම් එක එක ක්‍රීඩාවට එක එක විදිහටය.කෙසේ නමුත් අනුමැතියට පෙර පාසල් යන වයසේ දරු පැටවුන්ද එකතු කරගෙන බොක්සිං පරිපාලනය පිරිස රට පටවා අවසන්ය.අධ්‍යාපන අමාත්‍යංශයෙන්ද කොන්දේසි සහිතව ලබාගෙන ඇති අනුමැතියට අනුව ක්‍රීඩා අමාත්‍යංශය අනුමත නොකර පිටත්ව ඇති ගමණක දී දරුවෙක්ට අනතුරක් වුව ද කර ඇති රක්ෂණයෙන් හෝ ප්රතිලාභ ලැබේයැයි සිතිය නොහැකිය.මන්ද රටේ පවතින ක්‍රීඩා නීතියට අනුව ජාතික සංගමයක් සිය ක්‍රීඩා කණ්ඩායමක් විදේශයකට යවන්නේනම් ඊට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය තිබිය යුතුය.
මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට යන මොහොතේදී අනුමැතිය නොතිබිණිනම් රටේ නීතිය අනුව ක්‍රීඩා කණ්ඩායම විදේශ්යකට යවන ලද සංගමය දඪුවමක් ලැබිය යුතුය.එසේ නොමැතිව ක්‍රීඩා අමාත්‍යවරයා පිටත්ව ගිය කණ්ඩායමට පසුව අවසර දී එම ගමන නීත්‍යාණුකූල කිරීම ප්‍රමාද වී සිඳු කරන්නේනම් එය සියළු ක්‍රීඩාවන්ට හිමි විය යුතු වරප්රසාදයක්ය.ඇමතිවරයා හෝ නිලධාරියෙකු හෝ එසේත් නැතිකම් මේ අමාත්‍යංශය හා සම්බන්ධ දේශපාලනඥයෙකු ක්‍රීඩා නීතිය සිය හිතවත්කම්වලට අනුව සහ රටේ නීතියට අනුව නටවමින් සිටීනම් එය බරපතල වැරදද්දක්ය.නරකම නරක පූර්වාදර්ශයක්ය.
