ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර
ශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල්
ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ කාගේත් දැනගැනීම පිණිසයි. කොළඹ ආනන්ද මහා විද්‍යාලය සහ ගරු විදුහල්පති තැන්පත් ලාල් දිසානායක මැතිතුමණුත් සම්බන්ධවය.
මෙම ලිපිය ඉදිරිපත් කරන අපි දෙදෙනා ඉහත සඳහන් ආනන්ද මහා විද්‍යාලයෙහි ආදි ශිෂ්‍යයෝ වෙමු. මීට දින කිහිපයකට පෙර පටන් නොයෙකුත් මාධ්‍ය ඔස්සේ, ගරු විදුහල්පති තුමන්ට ඍජුවම එහි ප්‍රතිඵලයක් වශයෙන් වක්‍රාකාරවද අප ගරු විදුහලට නිර්ණාමික පුද්ගලයන් විසින් මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත. ඉහත කී අශික්කිත නිර්ණාමික ව්‍යාපාරය කිසිසේත්ම අනුමත නොකරන ශිෂ්‍යයින්ගේත්, ආදි ශිෂ්‍යයින්ගේත්, දැනට විද්‍යාලයෙහි උගන්වන සහ අන්‍යකාර්යයන්හි නිතර මෙන්ම විශ්‍රාම ලත් සත්පුරුෂයන්ගේද උනන්දුව සහයෝගය නිසාම කනස්සල්ලට පත් අපි මෙසේ ලියා අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු. ඉහතකී අයගෙන් සමහරෙකු පිටරට වෙසෙන්නෝ වෙති. ඒ අය අප රටට ජාතියට ආගමට, භාෂාවට, පාසලට මිනිසුන්ට හිතැත්තෝ වෙති.
අපි දෙදෙනා විද්‍යාලයේ ක්‍රියාත්මක වන ප්‍රධාණ ආදි ශිෂ්‍ය සංගමයේත් ආදි ආනන්දීය වෘත්තිකයන්ගේ සංසදයේත් ආදි ආනන්දයිය බෞද්ධ සංගමයේත්, ආදි ආනන්දයිය ක්‍රීඩා සමාජයේත් ආදි ආනන්දයිය එකමුතුවෙන් යාවජීව සාමාජිකත්වය දරන්නෝ වෙමු. සමහර සමාගම්වල වගකිවයුතු තනතුරද දැරුවෙමු. අප විදුහලෙහි වෙනත් කලා, භාෂා, ක්‍රීඩා, රණකෙළි අභ්‍යාස, ගොඩනැගිලි ඉදිකිරීම් ආදිය සම්බන්ධව නොකඩවා, දිනපතා පාහේ ඒවායේ අභිවෘදිය තකා සමීපව අත හිත දී ඇප කැපවී වැඩ කරන බැව් සඳහන් කරණුයේ ඉතා නිහතමානි ලෙසය. එබැවින් විදුහල්පති තුමන් සතියේ දිනවල විදුහලෙහි කටයුතු උදෙසා මිඩංගු කරන්නා වූ පැය 15 පමණ කාලය ගැනත්, සිය බිරිඳ සහ දරුදෙදෙනා සමඟ ගතකරන කාලය සීමිත බවද අපට අවබෝධයක් තිබේ.
මින් පෙර තුන් වසරකට අඩු කාලයක් තුලදී විදුහල්පති ධූරය බාර ගෙන, කලින් පැවති ආයතන නිසි පරිදි සකසා විදුහලෙහි කීර්තිය සඳහා නව නිර්මාණ පිහිටුවා එතුමන් 100% විනිවිද බාවයෙන් ක්‍රියා කරන සැටි අපි පෞද්ගලිකව දැක ඇත්තෙමු.
ආනන්දය ඉදිරියට ගෙනයන නොහොත් අග්‍රගන්‍ය ආයතනයෙහි අධ්‍යාපණ ක්‍රමය දියත් කිරීම සඳහා දරණ වෙහෙසත්, ප්‍රධාන ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කරගෙන, ජාතික වස්තුවක් වන විදුහලෙහි ඓතිහාසික ඕල්කට් ගුණානුස්මරණ රැස්වීම් ශාලාව විනාශ මුඛයෙන් බේරාගත් සැටිත්, විද්‍යාල ගොඩනැඟිලි එකින් එක පුද්ගලිකව විමසා බලා අලුත් වැඩියා කරන සැටිත්, පැල සිටුවීම මඟින් විද්‍යාලභූමියේ පරිසරය රකිමින් අලංකාර කර ඇති විදියත්, දකින ඕනෑම අයෙකු අමන්දානන්දයට පාත්‍රවන බැව් සඳහන් කිරීම අවශ්‍ය නැත. ඒවා ඇස් පණාපිට දිස්වන බැව් අවංකව ඒ දෙස බලන අයට පෙනී යනවා ඇත. පසුගිය වසර 3 ඇතුලත අප විද්‍යාලයේ සිදුවූ පුනරුදයට, විදුහල්පති තුමන්ද බොහෝවිට ගෞරවයෙන් ප්‍රකාශකරන පරිදි හේතු වූ සෑම කටයුත්තකටම පාහේලද අප ආදි ශිෂ්‍ය ජනරාල් කමල් ගුණරත්න මැතිතුමාගේ මඟ පෙන්වීමත්, හමුදා නිලධාරීන්ගේ සහයෝගයත් රහසක් නොවේ.
තවද ඉහත කී පස්මහල් ගොඩනැගිල්ලෙහි පිහිටුන විද්‍යා තාක්ෂණ, ඉංජිනේරු, ලලිත කලා, ගණිතය ඇති අධ්‍යාපන ක්‍රමය උදෙසා විද්‍යාගාර 10ත්, යුනෙස්කෝ ආයතනයේ දැණුම ඇතිව අලුතින්ම ඉදිවන හරිත අධ්‍යයන ගොඩනැඟිල්ලත් ආනන්ද විද්‍යාලයට පමණත් සීමා නොකොට, වෙනත් පාසැල්හි සිසුන්ටද පැමිණ පුහුණුව ලබාගත හැකි ආයතන ලෙස පවත්වාගෙන යෑම අප විදුහල්පති තුමන්ගේ අදහසකි.
ඉහත සඳහන් රුපියල් ලක්ෂ 1500 වඩා වටිනා හරිත ගොඩනැගිල්ල අප විදුහලට බඩුබාහිරාදියද ඇතුලත්ව පරිත්‍යාග කරණුයේ 1975 විදුහලෙහි ප්‍රධාන ශිෂ්‍ය නායක පදවිය හෙබවූ දානපති මහාචාර්ය හරිත් වික්‍රම මහතා විසිනි. එතුමා මේ අවස්තාවේදී සිය විදුහල් මෑණියන්ට කෘතගුණ සැලකීමට පෙළඹුනේ ලාල් දිසානායක විදුහල්පතිතුමන්ගේ පරිපාලනයෙහි ඇති බර ඉසිලීමේ දක්ෂතාවයත්, කළමණාකාර නිපුණත්වයත්, විනිවිදභාවයත්, අවංකකමත් නිසා බැව් ඍජුව සඳහන් කරයි. මේ ගැන දිසානායක විදුහල්පතිතුමන්ගේ බිරිඳවන අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙහි ඉතා වැදගත් විධායක තනතුරක් හොබවන සඳමාලි තෙන්නකෝන් මහත්මිය සිය සැමියා සමඟ එක්ව තමන් දිරිගැන්වූ බැව්ද මහාචාර්ය වික්‍රම සඳහන් කරයි. මීට සාක්ෂිවශයෙන් පෙන්විය හැකි තවත් අවස්ථාවක් නම් 2008 වකවානුවේදී ඉතා තරුණ උප විදුහල්පති වරුයෙකු වශයෙන් එතුමා කටයුතු කල අවස්තාවේද හිටපු විදුහල්පතිතුමන් හඳිසියේ රජය විසින් ඉවත්කල විටදී වැඩ බලන විදුහල්පති වශයෙන් තම වගකීම් සහ බර උසුලා දක්ෂ ලෙස කටයුතු කර විදුහලෙහි ගෞරවය සහ සුබවාදී පැවැත්ම සුරැකූ ආකාරයයි.
අප දෙදෙනාගේ පියවරුන්වන විශාරද විමල් අබේසුන්දර මහතාත්, හිටපු ප්‍රධාණාචාර්ය (වසර 32) ශ්‍රාස්ත්‍රපති කේ.ඩී. ද ලැනරෝල් මහතාත් ආනන්ද විද්‍යාලයේ ආදිශිශ්‍යයෝ වෙති. අප විදුහලෙහි තිබූ හොඳ සහ නරක වකවානු ගැන අපි මොවුන්ගෙන් අසා ඇත්තෙමු. 1944 කාලයේදී විදුහලෙහි විශේෂ පුස්ථකාලය ගිණිබත්වූ හැටි පවා ඔවුහු අපට විස්තර කර ඇත. අප දන්නා පරිදි 125 වසරට විදුහල මඟින් පලකල සංවත්සර පොතේත් වැඩ බලන විදුහල්පති (2008) දිසානායක මහතාටත්, විදුහලට වසර ගණනාවක් අනුපමේය සේවය කළ දිවංගත විදුහල්පති තුමෙකුට සාවද්‍ය කරුණු සහ ආරංචි මාර්ගයෙන් ලද තොරතුරු සඳහන් කර විවේචනයට භාජනය කර ඇත. දිසානායක විදුහල්පතිතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙහි අවසර සහ අධීක්ෂණය අනුව ඕල්කට් ශාලාව ප්‍රතිසංස්කරණය කරනවිටද සමහර ආදි ශිෂ්‍යයින් එයට සහයෝගය නොදී අවකැපූ බැව් ප්‍රචලිත විය. මෙවැනි සිදුවීම් ඉතා අවාසනාවන්ත ය. විදුහලෙහි හොඳ පැවැත්මට අකුල් හෙලීමකි.
ආනන්ද විද්‍යාලය ගොඩනැගීමට ආරම්භයේදීත් දුගී මගී යාචක ආදීන් මෙන් සුළු පරිමානයේ වෙළහෙළදාම් කළ ස්ත්‍රී පුරුෂයෝද ආධාර උපකාර කළහ. බටහිර ආක්‍රමණ නිසා බිඳ වැටුණු බෞද්ධ අධ්‍යාපනයද සිංහල මෙන්ම මෙරට අන්‍ය ජාතීන්ගේ ශිෂ්ඨාචාරික, සංකෘතික ජීවිතයට එල්ල්වූ ගැටුලු අභියෝග ජයගෙන ආනන්දය පෙරට ගෙන ආවේ සූර, වීර, ධීර මිනිසුන්ගේ ඤාණ ශක්තියෙනි. මේ පාසැලේ සිංහල පමණක් නොව මෙරට සහෝදර ජනයාගේ දරුවෝද ඉගෙන ගත්හ. කාන්තාවෝද ශිල්ප හැදෑරූහ. ඔවුහු දෙස් විදෙස්හි නෙක කුසලතා මහිමයෙන් ලොවට සේවය කලහ. පසු කලෙක විවිධ අනන්‍යතා අනුව මෙරට නානා මැදිලියේ පාසල් ගොඩ නැගුණි. පිරිමි, කාන්තා, මිශ්‍ර පාසැල්ද ජාති ආගම් සාරධර්ම ප්‍රතිමාන පාදක කොට ගත් පාසල් බිහිවිනි. ඒ ගමන රටේ සදාචාරාත්මක, අධ්‍යාත්මික, අධ්‍යාපනික, සමාජීය, සංස්කෘතික, සහ ජීවනයටත් සංහිදියාවටත් දියුණුවටත් හේතුවිණ.
වර්තමානයේ අප මුහුණ පා සිටින අසාධාරණ, ව්‍යාජ, අත්තනෝමතික, සාහසික, නිර්ණාමික පෙත්සම් අපහාස උපහාසවලින් ඒවා කරන කරවන ඇත්තන් අපේක්ෂා කරන්නේ කුමක්ද? ඉන් සිදුව ඇත්තේ ජාතික වස්තුවක් උරුමයක් වැනි විද්‍යාස්ථානයකට වළකැපීමකි. එහි දියුණුවට අකුල් හෙළීමකි. ප්‍රශ්ණ ඇතිනම් ඒවා සාකච්ඡා කොට සමඟියෙන් රැස්වී සමඟියෙන් සාකච්ඡාකොට සමඟියෙන් වෙන්ව යෑම මනුදම් සිරිතයි. අපේ බෞද්ධ ධර්මානුකූල පිළිවෙතයි. අභූත චෝදනා එල්ල කිරීමෙන් සැගවී සිට පහර දෙන අයද නියත ලෙස විනාශයට පත්වන බව පිරිහෙන බව, මේ ඇත්තෝ නොදනිත්ද? එනිසා සුචරිතවත්ව ශිෂ්ටසම්පන්න ආනන්දීයයන් රටේ පුරවැසියන් හැටියට අපි එකට එකතු වී පටු අදම වාද භේදයෙන් අප ගෞරවනීය පාසැල මෙම උසස් විද්‍යා නිකෝතනය විනාශයට පත්කිරීමේ පාපයෙන්, සාපයෙන් ඉවත් වන මෙන්, කාරුණිකව, මේවා කරන්නාවූ පුද්ගලයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
ස්තූතියි
ඔබ සැමට ආනන්ද මාතාවගේ පිහිටයි.
මීට සැමදා හිතවත්

ප්‍රණීත් සහ මහින්ද
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ
නීතිවේදී, වි.වි. ශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල්
