ඉන්ධන QR කේත ක්‍රමය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමේ සූදානමක්

Date:

ඉන්ධන කෝටා ක්‍රමය අවසන් කිරීම පිළිබඳව තීන්දුවක් ඉදිරි මාස දෙක තුළ ගැනීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමත්, මුදල් අමාත්‍යාංශයත්, කැබිනට් මණ්ඩලයත් සමග සාකච්ඡා කරලා ඊළඟ මාස දෙක ඇතුළේ සම්පූර්ණයෙන්ම කෝටා ක්‍රමය අවසන් කරන්න පුළුවන් ද කියන තීන්දුව ගන්න. හැම මාසයේම මිල සංශෝධනයක් වෙනවා. ඉදිරි සතියේ පළමු සතිය ඇතුළේ අපි ඉන්ධන මිල සංශෝධනය කරනවා. මිල සංශෝධනය කරන එකට ඉන්ධන පිරවුම්හල් තියෙනවා කිහිපයක් හැමදාම ඉන්ධන තොග තියාගන්නේ නැතුව ඉන්නවා. සමහරු ඇනවුම් කරන්නේ නෑ. මම ඊයේ බැලුවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකාවේ තියෙන ඉන්ධන පිරවුම්හල් 1,200න් පිරවුම්හල් 101ක් පෙට්‍රල් තොග තියා ගන්න ඕනේ ප්‍රමාණය තියාගන්නේ නෑ. ඉන්ධන පිරවුම්හල් 62ක් අද උදේ බලද්දි ඩීසල් ප්‍රමාණවත් තොග තියාගෙන නැති. අපි පහුගිය මාසයේ ඉන්ධන පිරවුම්හල් 4ක් අපි පවරා ගත්තා. තොග තියාගෙන යන්නේ නැති නිසා. මම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කිව්වා ඇනවුම් කරලා තොග පවත්වාගෙන යන්නේ නැතුව ජනතාව අපහසුතාවට පත් කළොත් කවුරු වුණත් කමක් නෑ පිරවුම්හල පවරා ගන්න”

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (30) මාතරදී පැවති ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...

දරුවන්ගේ නිහඬ මාරයා : screen time හෘදයාබාධ හා පරිවෘත්තීය අවදානමට අත වනයි

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : ළමුන් සහ නව...