මහින්දත්,බැසිලුත් රනිල්ට සහය දෙන්න හිටියේ – පොහොට්ටුව ඇතුළේ වුණේ කුමන්ත්‍රණයක්!

Date:

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ක්‍රියා කරන ආකාරය සම්බන්ධෙයන් අවසානයේ ක්‍රියාත්මක වුණේ කුමන්ත්‍රණයක් බැවින් තමන් ඇතුළු විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දීමේ නිවැරදි තීන්දුවට එළඹී බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දිය යුතු බවට හොඳ ස්ථාවරයක සිටියද ඒ අතරට කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ඇතුල් වී එය විෂබීජයක් බවට පත් වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නමුත් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් බහුතරයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දීමට තීරණය කර තිබෙන බව ඔහු කියාසිටියේය.

කිසිම හේතුවක් මත මේ මොහොතේ වැරදි තීන්දුවකට අත එසවිය නොහැකි අතර රට ඉල්ලන දේ ලබා දිය යුතු වන බවයි පියල් නිශාන්ත මහතා පැවසුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පක්ෂයේ අපේක්ෂකයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවට දේශපාලන මණ්ඩලයේ බහුතරයෙන් තීන්දුවක් ගත්තද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වැඩිපිරිසක් දේශපාලන මණ්ඩලයේ නොමැති බවත් එම තීන්දුව ගැනීමට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු සියලු දෙන කැඳවා විමසීමක් කළේ නම එම තීන්දුව හාත්පසින්ම වෙනස් වන බවද ඔහු සඳහන් කරන ලදී.

”පාර්ලිමේන්තුවේ බොහොම ස්වල්පයක් පමණයි දේශපාලන මණ්ඩලය නියෝජනය කළේ. පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගත්ත තීන්දුව නිවැරදි කියල ගන්නවා වැඩි බහුතරයක් එතන නිසා. පාර්ලිමේන්තුවේ ඉන්න අපේ කණ්ඩායමත් එක්කත් සාකච්ජා කළා නම් මේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් වෙන්න තිබුණා. බොහොම සුභවාදී ගමනක් සියලු දෙනා එක්ක එකතු වෙලා යන්න තිබුණා. මෙය කීප දෙනෙක්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් නිසා අපිට සිද්ධවුණා නිවැරදි තැන ඉඳගෙන මේ ජනධිපතිවරණයට සහයෝගය ලබාදෙන්න.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්මන්පිලට එරෙහිව CID පරීක්ෂණයක්!

කොළඹ LNW:ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන්...

කාශ්මීරයේ දැවැන්ත නාය යාමක් හේතුවෙන් 30 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 27:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය පාලනය යටතේ පවතින...

රනිත්මාගේ ගමණට ලොව දොළොස්වැන්නිය හරස් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික බැඩිමින්ටන් සූරිය...

වැඩබලන සුව ඇමතිගෙන් වෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්…?

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: වත්මන් කොළඹ ජාතික රෝහලේ...