මැච් එක ගහමු. හැබැයි අම්පයර් වෙන්න බැහැ – මුජිබර් ජනාධිපති රනිල්ට කියයි

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තුවේ බහුතරයට වැඩ වැදගත් වෙන්නේ රටේ බහුතරය සිටින්නේ කා සමඟද යන්න පිළිබඳ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මුජිබර් රහුමාන් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 92ක් ජනධිපතිවරයාගේ සහයට සිටින බව පැවසුවද ඔහුව ජනාධිපති කිරීමට මන්ත්‍රීවරු 134කගේ සහය හිමු වූ අතර දැන් එම බහුතරය අඩුවෙමින් පවතින් බවත් ඉදිරියේදී තවදුරටත් අඩුවීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

”අපි දන්නවා මේ ආණ්ඩුව ඇතුලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනාපු සියලු අණපනත් වලට සහය දෙමින් සම්පත් විකුණන ඒවාට තීන්දු ගත්තේ මේ කණ්ඩායම තමයි. පාර්ලිමේන්තු බහුතරය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයාට කියන එක අපි දන්නවා. අපිට වැදගත් වෙන්නේ පාර්ලිමේන්තු බහුතරය නෙවෙයි රටේ බහුතර ජනතාව ඉන්නේ කා එක්කද කියන එකයි. ඒකයි වැදගත් වෙන්නේ. රටේ බහුතරය ඉන්නේ සජිත් ප්‍රේමදස හා සමඟි ජන බලවේගයත් එක්ක. ඒක අපිට මැතිවරණයේදී බලාගන්න පුළුවන්. අපි මැච් එක ගහන්න ලැස්ති වෙලා ඉන්නේ. අපි ජනාධිපතිතුමාට කියන්නේ මැච් එක ගහමු. හැබැයි එයා අම්පයර් වෙන්න බැහැ .ක්‍රීඩකයෙක් විදිහට මැච් එක ගහමු. අපි ග්‍රවුන්ඩ් එකට යන්න කලින් එයා අම්පයර් වෙන්න හදනවා. මොකද එයා දන්නවා මේ මැච් එක එයාට අවාසියි කියල.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...