මැච් එක ගහමු. හැබැයි අම්පයර් වෙන්න බැහැ – මුජිබර් ජනාධිපති රනිල්ට කියයි

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තුවේ බහුතරයට වැඩ වැදගත් වෙන්නේ රටේ බහුතරය සිටින්නේ කා සමඟද යන්න පිළිබඳ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මුජිබර් රහුමාන් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 92ක් ජනධිපතිවරයාගේ සහයට සිටින බව පැවසුවද ඔහුව ජනාධිපති කිරීමට මන්ත්‍රීවරු 134කගේ සහය හිමු වූ අතර දැන් එම බහුතරය අඩුවෙමින් පවතින් බවත් ඉදිරියේදී තවදුරටත් අඩුවීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

”අපි දන්නවා මේ ආණ්ඩුව ඇතුලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනාපු සියලු අණපනත් වලට සහය දෙමින් සම්පත් විකුණන ඒවාට තීන්දු ගත්තේ මේ කණ්ඩායම තමයි. පාර්ලිමේන්තු බහුතරය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයාට කියන එක අපි දන්නවා. අපිට වැදගත් වෙන්නේ පාර්ලිමේන්තු බහුතරය නෙවෙයි රටේ බහුතර ජනතාව ඉන්නේ කා එක්කද කියන එකයි. ඒකයි වැදගත් වෙන්නේ. රටේ බහුතරය ඉන්නේ සජිත් ප්‍රේමදස හා සමඟි ජන බලවේගයත් එක්ක. ඒක අපිට මැතිවරණයේදී බලාගන්න පුළුවන්. අපි මැච් එක ගහන්න ලැස්ති වෙලා ඉන්නේ. අපි ජනාධිපතිතුමාට කියන්නේ මැච් එක ගහමු. හැබැයි එයා අම්පයර් වෙන්න බැහැ .ක්‍රීඩකයෙක් විදිහට මැච් එක ගහමු. අපි ග්‍රවුන්ඩ් එකට යන්න කලින් එයා අම්පයර් වෙන්න හදනවා. මොකද එයා දන්නවා මේ මැච් එක එයාට අවාසියි කියල.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‍ලොක්කියන් අභිබවා පෙරමුණ ගත් බට්ටි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ නොමද...

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...