ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට එරෙහි පෙත්සමක් ප්‍රතික්ෂේප කෙරේ

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ජුලි 25 වනදා නියම කර තිබේ.

තමන්ව වාද්දූව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ සිට ගම්පහ පොලිස් ස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරුකර යැවීමට 2019.03.17 දින ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් කළ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ලලිත වීරසිංහ නම් පොලිස් නිලධාරියකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණු අතර එහිදී එවකට කළුතර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ රන්මල් කොඩිතුවක්කු මහතා තමන් කෙරෙහි අඛණ්ඩව ද්වේශ සහගත සහ අසාධාරණ ලෙස කටයුතු කළ බවටත් තමන්ට එරෙහිව පදනම් විරහිත චෝදනා පොලිස් කොමිසමට සහ පොලිස්පතිවරයාට යොමුකළ බවටත් පෙත්සම්කරු විසින් චෝදනා කර තිබූ අතර එයින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා තිබිණි.

හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය, වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මහතාගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණි.

මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ සහ ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ එකඟතාව සහිතව විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා විසින් පසුගිය 25 වනදා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද අතර එහිදී පෙත්සම්කරු විසින් පළමු වග උත්තරකරු ලෙස නම්කර ඇති රන්මල් කොඩිතුවක්කු මහතාට එරෙහි චෝදනා ඔප්පු කිරීමට අසමත්ව ඇති බවත් පෙත්සම්කරු අධිකරණයෙන් යුක්තිය පතා පැමිණ ඇත්තේ අපිරිසිදු දෑතින් යැයි නිරීක්ෂණය වන බවත් සඳහන් කර ඇති අතර ඒ අනුව පෙත්සම ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...