හර්ෂිතා පළමු පෙළ එක්දින තරගාවලියට දැවන්ත ඉණිමකින් වැඩ අල්ලයි

Date:

සටහන – නිශ්මං රණසිංහ 

අගෝස්තු 01, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවත්වෙන පළමු පෙළ සීමිත පන්දු ඕවර් ක්‍රිකට් තරගාවලියේ ආරම්භයේදීම නාවික හමුදාව නියෝජනය කරන හර්ෂිතා සමරවික්‍රම අති විශිෂ්ඨ ශතකයක් ලබා ගනිමින් තරගාවලියේ ආරම්භය සටහන් කළේ සෙසු කණ්ඩායම්වලට අනතුරු හඟවමින්ය.මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවති මෙමම තරගයේදී බදුරලිය ක්‍රීඩා සමාජයටඑරෙහිව හර්ෂිතා පන්දු 131 දී වාර්තා කරන ලද ලකුණු 140 නිසා නාවික හමුදා කණ්ඩායමට ලකුණු 253 ක් ජයක් ලබා ගන්නට හැකි විය.හර්ෂිතා සිය කණ්ඩායම් නායිකාව වන හංසිමා කරුණාරත්න පන්දු 80 දී නොදැවී රැස් කරන ලකුණු 80 ද සමඟ සිව්වන කඩුල්ලට ලකුණු 139 ක් එක් කරන්නට සමත් විය.හංසිමා කරුණාරත්න ද තරගයේ අවසාන පන්දු 15 දී නිලක්ෂණා සදමිණි (4) ගේ උපකාරය ඇතිව වේගවත් ලකුණු 32 ක් එක් කරමින් නාවික හමුදා කණ්ඩායමේ ලකුණු පූවරුව 302 ක් දක්වා ඉහළ නංවන්නට සමත් විය.පිළිතුරු ලෙස බඳුරලිය කණ්ඩායම ලකුණු 49 ට දවා ගනිමින් මෙවර සීමිත පන්දු වාර තරගාවලිය අති දැවන්ත ජයග්‍රහණයකින් අරඹන්නට නාවික හමුදාව සමත් විය.


තියුණුම තරගය හැටියට ආරම්භක දිනයේදී කැපී පෙණුනේ චිලව් මේරියන්ස් කණ්ඩායම සහ යුද හමුදාව අතර තරගයය.පළමුව පන්දුවට පහර දුන් යුද හමුදා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 223 ක් රැස් කරන්නට සමත් විය.එම ලකුණු ගණන රැක ගන්නට යුද හුමදාව විශාල සටනක් ලබා දුන්නද කඩුලු 8 ක් දැවුණ පසුවද ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇති උවමනාවේ උනන්දුවෙන් රැදී සිටි චිලව් කණ්ඩායම පන්දු ඕවර් 50 නිමා වන්නට පන්දු 8 ට පෙරාතුව කඩුලු අටක් දැවී සිය ලකුණු පූවරුව ලකුණු 226 ක් බවට පත් කර ගත්තේ කඩුලු 2 ක ජයග්‍රහණයකට උරුමකම් කියමින්ය.
යුද හමුදා ලකුණු පූවරුවට ක්‍රිශාන්ති සඳමාලි ලකුණු 56 න් ද නිලක්ෂිකා ද සිල්වා ලකුණු 55 න් ද දායක වී අර්ධ ශතක ලබා ගත් අතර ඉමල්කා මෙණ්ඩිස් ලකුණු 42 ක් ලබා ගන්නට සමත් විය. ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් ආරම්භක සුසංයෝගයක් චිලව් මේරියන්ස් කණ්ඩායම තුළින් දැක ගන්නට හැකි විය.

ඒ චමරි අතපත්තු සහ දෙව්මි විහංගා ය.එහෙත් දෙව්මි ඉක්මණින් පිටියෙන් ඉවත් වූ අතර චමරි ලකුණු 57 ක් රැස් කරන්නට සමත් විය.සුමුදු නිසංසලා ද ලකුණු 54 ක් රැස් කළ අතර ලකුණු 210 දී අටවන කඩුල්ල දැවී යන විට චිලව් මේරියන් කණ්ඩායම 47 වන පන්දු ඕවරයේ පන්දු 4 ක් පසු කර තිබිණ.එහෙත් සටන සහ ජයග්‍රහණයේ විශ්වාසය අත් නොහළ සචිනි නිසංසලා පන්දු 16 න් නොදැවී ලකුණු 17 ක් ද අංක 10 පිතිකාරිණිය සඳුනි නිසංසලා පන්දු 9 දි ලකුණු 13 ක් ද රැස් කරමින් චිලව් කණ්ඩායම ජයග්‍රහණයට රැඟෙන යාමට සමත් විය.අවසානයට මුහුණ දුන් පන්දු 12 න් පන්ු 9 කට මුහුණ දී සඳුනි අංක 10 පිතිකාරිීනය හැටියට රැස් කළ ලකුණු 13 මිල කළ නොහැකිය.


සෙසු තරගවලදී පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 29 න් සීසීසී කණ්ඩායම පරාජයට පත් කළ අතර එසඑස්සී ක්‍රීඩා සමාජය කඩුලු 9 කින් පරාජයට පත් කරමින් ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහණය කළේය.කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඒස් කැපිටල් කණ්ඩායම පරාජයට පත් කළේ ලකුණු 53 කින් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...