මූල්‍ය අර්බූද කතා බොරු කරමින් ක්‍රිකට්, පරිසර හිතකාමී ආලෝකයකටද පියවර තබයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW:

සමාජ මාධ්‍ය යොදා ගනිමින් යම් සංවිධානාත්මක ස්වරූපයක් දකින්නට ලැබෙන පරිදි ක්‍රියාත්මක කරමින් පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් යම් මූල්‍යමය අස්ථාවර තත්ත්වයක පවතින බව පෙන්වා දෙන ප්‍රවෘත්ති අසත්‍ය බව ප්‍රකාශ කරන ශ්‍රී ලංකා ක්‍රිකට්,සිය මෙහෙයුම් කළමනාකරණය කිරීමට මෙන්ම එහි දිගුකාලීන උපායමාර්ගික මුලපිරීම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති බව සනාත කරයි .


රට පුරා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව වැඩිදියුණු කර ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ඊට සමගාමීව, ජාත්‍යන්තර ක්‍රීඩාංගණ හරහා සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම හරහා දිගුකාලීන තිරසාරභාවය පිළිබඳ මුලපිරීමක් සඳහා ආයෝජනය කිරීමට ද කටයුතු කරන බව පෙන්වා දෙයි. ක්‍රීඩාවේ අනාගතය සහ සංවිධානයේ අඛණ්ඩ මූල්‍ය ශක්තියට සහාය වෙමින් ආයෝජන මත ශක්තිමත් ප්‍රතිලාභයක් ලබා දීම සඳහා මෙම හරිත මුල පිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිවිස ඇත.


ඉන්දියාව සමඟ එක්ව 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සම සත්කාරකත්වය සැපයීමට සහ මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත 2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ තරඟ 11 ක් පැවැත්වීමට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකාරීව සහ සාර්ථකව කටයුතු කරමින් සිටින්නේ තමන්ට ඇති ස්ථාවර මූල්‍ය ශක්තිය මත පදනම්ව බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල සංවර්ධනය කිරීමේ කාර්ය භාරයද ඒ අනුව සිඳුවෙමින් පවතින බව තහවුරු කරයි.


දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාවේ විනිවිදභාවය, ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා කැපවී සිටින බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් හි බිම් මට්ටමේ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන වන ජාතික මාර්ග වැඩසටහන බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ද දැඬ කැපවීමෙන් ක්‍රියා කරන බව පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...