නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW:
වසර කිහිපයක සිට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පිහාටු මල සාඩම්බරයෙන් එ් අතට මේ අතට ගමන් කළේ මැක්ලරන්ස් සමූහය නිසාය.එම ව්‍යාපාරක සමූහයට අයත් ලංකාවේ පැවති ජාතික මට්ටමේ සෑම තරගයකදීම මෙන්ම ශ්‍රී ලංකාවේ සංවිධානය වූ සෑම ජාත්‍යන්තර තරගයකදීම බැඩිමින්ටන් පිටිය මත දස්කම් වට කොට රැදී තිබෙනු අපි දුටුවෙමු.ඒ ගෙවුණු වසර කිහිපයේම මැක්රන්ස් ව්‍යාපාරයේ ප්‍රධානියා බැඩිමින්ටන් ප්‍රධානියා වූ නිසා ඊට හිමි වූ වරප්‍රසාදයක් නිසා නොවේය.බැඩිමින්ටන්වල බර ඔහු සිය ව්‍යාපාර මත රඳවාගෙන පෙරට රැඟෙන ගිය නිසාය.
යළිත් වරක් මේ අනුග්‍රාහක ආදරය ශ්‍රී ලංකාවේ සංවිධානය වන ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියකට ලැබී ඇත.වැඩ කරන්න ආදරය කරන්න පුටුවක වගකීම වෙනුවට විෂයට ඇති ඇල්ම වැදගත් බව පෙන්වමින් සිය පළල් හදවතේ බැඩිමින්ටන්වලට ඇති ඉඩ කොපමණද යන්න පෙන්වමින් සභාපති ධූරයේ නැතත් මැක්ලරන්ස් ආදරයේ උණුසුම මේ ජාත්‍යන්තර තරගාවලියට ලැබී ඇත.තරගාවලිය ලෝකයේ නම ගිය බැඩිමින්ටන් සංස්කෘතීන් හී පහස ලබන යොවුන් ක්‍රීඩකයන්ගේ හැකියාවන් ලංකා භූමිය තුළ ප්‍රදර්ශනය වන 2025 ශ්‍රී ලංකා ජූනියර් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරඟාවලිය ය.
ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරික කේෂ්ත්‍රෙය් කීර්තිය සහ විවිධ විෂයන්ගෙන් සුපෝෂණය වූ මැක්ලරන්ස් අගෝස්තු 5 සිට 8 දක්වා නයිවල නිව් සැනිරෝ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත 2025 ශ්‍රී ලංකා ජූනියර් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් වීම දුලබ කරුණක් නොවුණ දඑය හැම විටම කතා කළ යුතු ආදරණිය මැදිහත්වීමක් යන්න සිහිපත් කළ යුතුමය.
බැඩ්මින්ටන් (SLB) විසින් සත්කාරකත්වය දරන සහ බැඩ්මින්ටන් ලෝක සම්මේලනය (BWF) සහ බැඩ්මින්ටන් ආසියානු (BA) විසින් අනුමත කරන ලද මෙම කීර්තිමත් ජාත්‍යන්තර තරඟාවලිය,නිසා නයිවල නිව් සැනිරෝ ගෘහස්ත ක්‍රීඩා පිටිය නැඟී එන අනාගත තරුවලින් ආලෝකමත් වනු ඇත.එසේම ලෝකයට තවත් වටිනා ලාංකේය ගෘහස්ත කෙළි බිමක් හඳුනා ගන්නට ද ලැබෙන බැවින් මෙම අවස්ථාව නිව් සැනිරෝ සඳහා ද අමිල වටිනාකමක් වනු ඇත.
අවුරුදු 19න් පහළ, 17න් පහළ, 15න් පහළ සහ 13න් පහළ කාණ්ඩවල තරඟ ලෙස පැවැත්වෙන, පිරිමි සහ ගැහැණු ඒකල, යුගල සහ මිශ්‍ර යුගල වශයෙන් ක්‍රියාත්මක තරගාවලිය, BWF හි නිල නීති සහ රෙගුලාසිවලට අනුකූලව පවත්වනු ගබන ජාතියණ්තර ශ්‍රේණිගත කිරීම්වලට බලපෑමක් ඇති කරන තරගාවලියක් වීම නිසා ලෝකයේ දක්ෂ යොවුන් ක්‍රීඩකයින් මෙන්ම ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩකයන්ට වැඩි පිරිසකටද ලෝක ශ්‍රේණිගත කීරීම් සඳහා සිය බැඩිමින්ටන් ජීවිතය රැඟෙන යාමට මෙම තරගාවලිය හොඳ අවස්ථාවක් වනු නිසැකය.
