බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW:

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීමට එම නඩුව ඔක්තෝබර් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. ඒ , දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බව වාර්තා වේ.

අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීමත් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා මෙම නියෝගය නිකුත් කර ඇති අතර, විත්තිකරු මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු හෙළි වී තිබෙන නිසා ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනීමට අවසර දෙන ලෙස අල්ලස් කොමිසම ඉල්ලීම් කර ඇත. ඒ අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයාට විරුද්ධව මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇත්තේ, 2006 වසරේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලන්ඩන් නුවර සංවිධානය කළ ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකට සහභාගි වී හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් භාණ්ඩාගාර රෙගුලාසිවලට පටහැනිව ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීම තුළින් අල්ලස් පනතේ “දූෂණය” නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...