QR කේතයට ඉන්ධන දීම ඇරඹෙයි!

Date:

පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කර ගනීම සඳහා රජය විසින් හදුන්ව දී තිබෙන QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹුණි.

ඒ අනුව පසුගිය දිනවල වාහන අංක අනුව ඉන්ධන නිකුත් කිරීම මින් ඉදිරියට සිදුනොවන අතර QR කේතයට අනුව සතියට එක් දිනක් එක් වාහනයක් සඳහා සීමාවන්ට යටත්ව ඉන්ධන නිකුත් කිරීම සිදුවෙයි.

පවතින තත්ත්වය අනුව මෙය හොඳ ක්‍රමවේදයක් වුවත් සතියකට ප්‍රමාණවත් ඉන්ධන නොලැබෙන බවයි මේ සම්බන්ධයෙන් මහජනතාව මෙන්ම ඉන්ධන පිරවුම්හල් හිමියන් සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මෙම ජාතික ඉන්ධන අවසර පත්‍රය යටතේ ඉන්ධන ලබාගැනීම සඳහා වාහන මිලියන 05කට ආසන්න ගණනක් ලියාපදිංචි වී ඇති බව සඳහන්.

ජෙනරේටර් ඇතුළු සුළු කර්මාන්ත යන්ත්‍ර සඳහා ඉන්ධන නිකුත් කිරීමේ අවසරය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාදීමට නියමිත අතර ඒ වෙනුවෙන් තමන් ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තුවන පිරවුම්හල තෝරාගෙන ලියපදිංචි විය යුතු වෙයි.

පවතින තත්ත්වය අනුව මෙම ක්‍රමය යටතේ වුවද ඉන්ධන නිකුත් කිරීමේදී යම් නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති විය හැකි හෙයින් යුද හමුදා ආරක්ෂාව ඒවාට ලබා දෙන ලෙසද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...