QR කේතයට ඉන්ධන දීම ඇරඹෙයි!

Date:

පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කර ගනීම සඳහා රජය විසින් හදුන්ව දී තිබෙන QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹුණි.

ඒ අනුව පසුගිය දිනවල වාහන අංක අනුව ඉන්ධන නිකුත් කිරීම මින් ඉදිරියට සිදුනොවන අතර QR කේතයට අනුව සතියට එක් දිනක් එක් වාහනයක් සඳහා සීමාවන්ට යටත්ව ඉන්ධන නිකුත් කිරීම සිදුවෙයි.

පවතින තත්ත්වය අනුව මෙය හොඳ ක්‍රමවේදයක් වුවත් සතියකට ප්‍රමාණවත් ඉන්ධන නොලැබෙන බවයි මේ සම්බන්ධයෙන් මහජනතාව මෙන්ම ඉන්ධන පිරවුම්හල් හිමියන් සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මෙම ජාතික ඉන්ධන අවසර පත්‍රය යටතේ ඉන්ධන ලබාගැනීම සඳහා වාහන මිලියන 05කට ආසන්න ගණනක් ලියාපදිංචි වී ඇති බව සඳහන්.

ජෙනරේටර් ඇතුළු සුළු කර්මාන්ත යන්ත්‍ර සඳහා ඉන්ධන නිකුත් කිරීමේ අවසරය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාදීමට නියමිත අතර ඒ වෙනුවෙන් තමන් ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තුවන පිරවුම්හල තෝරාගෙන ලියපදිංචි විය යුතු වෙයි.

පවතින තත්ත්වය අනුව මෙම ක්‍රමය යටතේ වුවද ඉන්ධන නිකුත් කිරීමේදී යම් නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති විය හැකි හෙයින් යුද හමුදා ආරක්ෂාව ඒවාට ලබා දෙන ලෙසද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...