සජිත්ලා,අනුරලා ජන්ද ඉල්ලුවාට ජන්දයක් එන්නේ තව අවුරුදු දෙකහමාරකින්!

Date:

ඉතිරි අවුරුදු දෙකහමාරක කාලයත් වත්මන් ආණ්ඩුව ස්ථිරවම ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කරයි.

මේ වන විට රටේ දේශපාලනික ප්‍රශ්නය නිරාකරණය වෙමින් පවතින අතර පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරයකින් ජනාධිපතිවරයා පත්ව සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම ලෝකය ඉල්ලා සිටි දේශපාලන ස්ථාවරත්වය ද පාර්ලිමේන්තුව විසින් ලබාදී තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්ව සිටින්නේද වාර පහක ජනවරමකට බව ඔහු කියා සිටියි.

ඒ අනුව ඉතිරි අවුරුදු දෙකහමාරක කාලයද වත්මන් ආණ්ඩුවම ක්‍රියාත්මක වන බවත් ජන්දයක් පැවැත්වෙන්නේ තවත් වසර දෙකහමාරකින් පසුව බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියි.

කෙසේවෙතත් විපක්ෂය දිගින් දිගටම අවධාරණය කර සිටියේ අන්තර්වාර පාලනයකට ගොස් මාස හයක පමණ කාලයකින් පසු වහාම මැතිවරණයක් පවත්වා රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන ලෙසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...