*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ප්‍රේමය ද කීර්තිය ද ඉතිරිකර අල්විස් නික්මගොස් ‌ගෙවුණු වසර 34ක් ….

සුගේය ගීත සාහිත්‍ය පෝෂණය කළ කුසලතා සම්පන්න ගී පද රචයෙක් සිය මාධූර්ය ස්වරයෙන් ජනහද අමතා රටක් නැළවූ ප්‍රවීන මාධ්‍යවේදියෙක් වූ ප්‍රේමකීර්තිද අල්විස් අප අතරින් නික්මගොස් ඊයේ (31) දිනට වසර 34ක් සම්පූර්ණ වී තිබිණි.

1947 ජුනි මස 03 දින කොළඹ සොයිසා කාන්තා රෝහලේදී උපත ලද ප්‍රේමකීර්ති මාලිගාකන්ද මහා විද්‍යාලය හා කොළඹ ආනන්දයෙන් අකුරු නිමවා මාධ්‍ය ක්ෂේත්‍රයට ප්‍රවේශ විය. පාසල් අවධියේ සිටම මාධ්‍ය ක්ෂේත්‍රයට තිබූ සුබ සිහින වල හැරවුම් ලක්ෂය වුයේ ගුවන්විදුලියයි. 1967 වසරේදී සහන නිවේදකයකු ලෙස රේඩියෝ සිලෝන් ආයතනයට පිවිසෙන ප්‍රේමකීර්ති කලකදී එහි නැතිව ම බැරි කෙනකු බවට පත්විය. ඉන් අනතුරුව 1971 වසර වනවිට ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්ථිර නිවේදකයකු බවට පත්වෙන අතර, 1974 දී ස්ථිර වැඩසටහන් සම්පාදකවරයකු ලෙස ද 1975 දී ස්ථිර වැඩසටහන් නිෂ්පාදකවරයකු බවට පත්විය.

1969 වසරේදී හද පුද අසුනේ සෙනෙහස මැවුණේ ගීතයත් සමඟ ගේය පද කලාවට පිවිසෙන ප්‍රේමකීර්ති එඑම වසරේදීම කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ ‘ලොකුම හිනාව’ චිත්‍රපටයේ ෆ්‍රෙඩී සිල්වා ගායනා කළ ‘පරණ කෝට්’ ගීතය ද අතිශයින්ම ජනාදරයට පත් විය. ඉන් ඇරඹෙන ප්‍රේම කීර්ති ගී ගඟුල සුවහසක් රසික සිත් ඔහු වෙත ඇද බැඳ තබා ගැනීමට සමත් විය.

ප්‍රේම්ගේ ගීතවල සැබැවින්ම නිමක් නැතිවම තැවරී තිබුණේ ම ආදරයයි, ප්‍රේමයයි, අනුරාගයයි, අප්‍රමාණ වූ මානවවාදයයි.

ඔහු විටෙක දාරක වූ මාතෘත්වය කවියට නගන්නේ මෙලොව ඇති මුදුම, සුමුදුම ,සුසිනිදුම වචන ගලපාය. එය නිවෙන්නට, නිවී සැනහෙන්නට, සැනහී සුවපත් වෙන්නට තරම් සුමදුරුය. ප්‍රේමනීයය.

සඳ දියකොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා…
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා

ජීවිතේ අනන්තවූ අක්ඛ පීඩාවන් නිවා ලූ, නිවා සනහා ලූ, සනහා සුවපත්කළ මව්වත් ගුණය ඔහු වචන කැටියකට පිඬු කරන්නේ එසේය.

ප්‍රේම්ගේ ගී ගඟුල “ආදර ගඟුලෙහි, ආදරණීය නේරංජනා, ආදරයේ උල්පත වූ අම්මා, අකුරු සතරකින්, අඳුර බිඳින්නට, අපි හැඟුම්වලට, අවසර නැත මට, බංගලි වළලු, චාරු දේහේ නුරා, දෑවැදි දෙන්නට, දෙව්රම් වෙහෙරේ, දිනෙක රන්සළු පළඳා, දියළුම දිය ඇලි, එදා රෑ, එක මොහොතක්, එක යායේ කකා වැටී, එකම මඟක, ඈත දිලිසෙන, හෙට දවසේ අප දෙදෙනා, හිමින් සැරේ පා නගනා, හිසේ ගිනි ඇවිලෙතේ, කන්ද කෙන්ද, කතරක තනිවී, කවුද ඔබ කවුරුන්දෝ, කෙදිනද කූඩු හදන්නට එන්නේ, ලොව නිසසල වී, මා එක්කලා, මා නිසා ඔබ, මඟ තොටදී, මල් වැහි සීතල මල් වැස්සේ, මේ නගරය, මී කැකුණ කැලේ, මීදුම් වළාවන්, මිහිරැති වසන්ත කාලේ, මිනිසෙකු පිට නැගි අසරුවෙකි, මියුරු කල්පනා, නෙල්ලි කැලේ, රැලකින් තනි වී, රන් මීවිත පුරවා, රන් සමනළයෝ, රටකින් එහා, රතු ගුරු පාරේ, රැයක් උපද්දා, සාගරය පරදා, සමනල රෑනක්, සමනලයා මල හා ළමයා සේ, සඳ කැන් වැසිලා, සඳ මිදුලට එනවා, සැන්දෑ යාමේ, සඳට අහස, සන්තෝෂ වෙන්න, සරතැස නිවා, සිතින් මා නොසැලී, සිතුම් පැතුම් සඳ ආදරේ, තනි තරුවේ, තරු අත් අකුරින්, තැටිය මැද්දෙ, විශාඛාව ඔබ’’ ආදී ගීත 1700කට ආසන්න සංඛ්‍යාවක් පුරා යුගයුග ගලා යයි.

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ලතවෙයි රැඳී නිදැල්ලේ
මිහිරක් කොහෙද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

මිහිරැති වසන්තකාලේ කිම ඔබ මෙතෙක් නොආවේ…

ගුවන් විදුලි නිවේදකයෙකු, වැඩසටහන් සම්පාදකවරයෙකු ,චිත්‍රපට හා රූපවාහිනි ගීත රචකයෙකු ලෙසත් විසිතුර පත්‍රයේ විශේෂාංග කතුවරයෙකු ලෙස මෙන්ම සිළුමිණ, දිනමිණ, ලංකාදීප ආදී පුවත්පත් වලට නිබඳවම කවි ලිපි සැපයු ලේබයෙකු වශයෙන්ද නොමැකෙන සිහිවටන ශේෂ කිරීමට ප්‍රේම කීර්ති සමත් විය. ඒමෙන් ම ඔහු අතින් ”නොසැලෙන් ඉන්ද්‍රකීලය සේ” ”අන්තිමය” හා ”සිහින සතක් ” නිර්මාණ ග්‍රන්ථයන්ද නිර්මාණය විය. ඒ අනුව ඔහු එක් ක්ෂ්‍රේත්‍රයකට පමණක් කොටු නොවූ තුංග වනස්පතියක් විය.

ගනදුරු රෑ තනිකම නෑ

සොයා ආ හැකිනම් ඔබට ඝනදුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී….

ආදරයෙන් ප්‍රමුදිත සිතක මෙන්ම විරහවෙන් රිදුණු සිතකට ද ප්‍රේම්ගේ ගීයක් මතකයට නොනැඟෙන්නේ නම් එය පුදුමයෙකි.

කවියකුගේ ගී පොත කිසිදා මළගමකදී දැවිය නොහැකි බව කියමින් ප්‍රේම්ගේ මළගමින් කම්පිත වූ ධර්මසිරි ගමගේ සඳහන් කර තිබුණේ, රුදුරු වෙඩි හඬින් අහසේ පෑයූ අඩ සඳ කැබලි වී ගිය එක් දුක්මුසු රාත්‍රියක ප්‍රේමකීර්තිගේ හද ගැස්ම නතර විණි. එහෙත් අපට තවමත් ඔහුගේ හද ගැස්ම ඇසෙයි…නාඩි වැටෙන හඬ තවම අප සිතට දැනෙයි…යනුවෙනි.

මේ නගරය කිසිදා අමතක කළ නොහැකි
ඔබ මා මුණ ගැසුණු වෙන්කළ නගරයයි….

ජීවිතයම සිහිනයෙකැයි කියා සිතෙනවා …

ජනප්‍රියත්වය වැඩිවෙත්ම ප්‍රේමකීර්ති ද දේශපාලනයේ ගොදුරක් බවට පත්වන්නේ 1977 වකවානුවේ දී ය.

අහේතුකව අනිවාර්යය නිවාඩු යවමින් අභූත චෝදනා කරමින්, කටකතා පතුරවමින් නිගා කොට සේවයෙන් නෙරපා හැරීම හේතුවෙන් දැඩි කම්පනයකට ලක්ව සිටි ප්‍රේම් සජීවි වැඩසටහනක් ගුවන් ගතවන අතරතුර ඕනෑකමින්ම මේසය පැත්තක තිබූ පුටුවක් ඇද වට්ටා, ඉනික්බිතිව තම ශ්‍රාවකයා වෙත පැවසූයේ “සමාවෙන්න හිතවතුනි, මම ප්‍රේමකීර්ති ද අල්විස්. නැවතත් ඔබ හමුවට ආවා. ඒ ඔබට ඇසුණු විශාල ශබ්දය පුටුව පෙරළෙන ශබ්දය මිසක් මම වැටුණ ශබ්දය නෙවෙයි’’යනුවෙන් බව සඳහන් වන අතර සිය ජීවිතයේ අවසානතම මෙහොත දක්වාද මනා කශේරුකාවක් ඇති කෘතහස්ත නිර්මාණවේදියෙන් ලෙස ඔහු සිය නිර්මාණකරණයේ නියැලින බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවනු ඇත.

වසර 42ක් තරම් සීමා සහිත ජීවිත කාලයක් තුළ සේකරගෙන් පසු හිස් වූ ලෝකයේ කිරුළු නොපලන් රජ වූ ප්‍රේම්ය. 1989 ජූලි මස 31 රුදුරු වෙඩිපහරකට ලක්ව හෙතෙම භෞතික කයෙන් වෙන්ව ගියද ඔහුගේ රසාලිපත නිර්මාණ අපට නිවී සැනහෙන්නට මංපෙත් පාදනු ඇත.

මේ ප්‍රේම්ගේ ශුංගාරයේ මත්වීමයි ..

ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී
මම මගේ හැවනැල්ලෙන් මිදී
හඳපානේ – මද අඳුරේ
අත් පටලා යමු ආයේ..

සශිකලා මධුෂාණී_

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan