*
Friday, May 3, 2024
spot_img

Latest Posts

චීන රජයේ ආධාර යටතේ අලුත්කඩේ උසාවිය අලුත් වෙයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම , චීන රජයේ මුල්‍යමය හා තාක්ෂණික ආධාර යටතේ යුවාන් මිලියන 240 ක වියදමකින් යුතුව ඊයේ 31 (උපරිමාධිකරණ සංකීරණ පරිශ්‍රයේදී ) සිදුවිය.

ඒ අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකාව සහ මහජන චීන සමුහාණ්ඩුව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් මීට වසර 30කට පෙර එනම් 1988 වසරේදී පෙර චීන රජය විසින් උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රදානයක් ලෙස මෙරටට ලබා දී ඇති අතර, ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමුහාණ්ඩුව සමග 2016 වසරේ අත්සන් කරන ලද ගිවිසුමකට අනුව උපරිමාධිකරණ සංකීර්ණය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට එකග වී ඇති බවයි වාර්තා වන්නේ.

තව දුරටත් වාර්තා වන්නේ , අදියර දෙකක් යටතේ මාස 32ක් තුළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ අභියාචනාධිකරණය ස්ථාපිත කොටස හා දෙවන අදියර යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි කොටස ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇති බවයි.

2025 ඔක්තෝම්බර් මස 17 වැනි දින සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට නියමිතව බවත් සඳහන් .

මෙරට අධිකරණ අමාත්‍යාංශය හා චීන ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතා නියෝජිතායතනය අතර ගිවිසුමක් 2021 වසරේ දෙසැම්බර් මස 21 වන දින අත්සන් කරනු ලැබුවේ,  ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළව මහජන චීන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය විසිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan