(VIDEO):රට හදන NPP වැඩපිළිවෙලේ අංක එක මෙන්න!

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ රට ගොඩනගන සැලසුම්වල අංක එක අධ්‍යාපනය බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

කඩ වැටී තිබෙන ආර්ථිකයට,වැඩි වී තිබෙන අපරාධ, නීතියේ බිඳවැටීම ඇතුළු සියලු සමාජ අර්බුදවල විසඳුම වන්නේ අධ්‍යාපන බවයි අනුර දිසානායක මහතා සඳහන් කළේ.

2017 වසරේ පමණක් 99000ක් රිමාන්ඩ් බන්ධනාගරගත වී තිබෙන අතර ඉන් 83%ක් සාමාන්‍ය පෙළට පහළින් අධ්‍යාපනයක් ඇති අය බවටද අනාවරණය වී තිබෙන බව සඳහන් කළ ජාතික ජන බලවේගයේ නායකයා කියා සිටියේ අපරාධ සහ අධ්‍යාපනය අතර පැහැදිලි සබඳතාවක් ඇති බවයි.

නූගත්කම විසින් අපරාධවලට පෙළඹවීමේ මෙන්ම අපරාධ කිරීමේ ප්‍රවණතාව වැඩිකරන බවයි ඔහු පැවසුවේ.

මේ අතර මෙරට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් 74%ක් අටේ පන්තියට පහළ අධ්‍යාපනයක් සහිත පිරිස් බවත් අනුර දිසානායක මහතා ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව ග්‍රාමීය දුප්පත්කමෙන් ගොඩ ඒමේ මාවත ඇත්තේ අධ්‍යාපනය තුළ බව ඔහු අවධාරණය කළේය.

අපරාධඅඩුකිරීමේ පාර අධ්‍යාපනය,නීතියක්,විනයක් සහිත රටක පාර අධ්‍යාපනය,මත්ද්‍රව්‍යවලින් තොර රාජ්‍ය අධ්‍යාපනය, දුප්පත්කමෙන් තොර රාජ්‍ය අධ්‍යාපනය පොහොසත් රටක් අධ්‍යාපනය වන හෙයින් රට ඉදිරියට ගෙන යාමේ වැදගත්ම මෙවලම වන්නේ අධ්‍යාපනය බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

අනුර දිසානායක මහතා මෙම අදහස් පළකළේ අද (02) ලංකා ගුරු සංගමයේ ජාතික සමුළුව අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චේරන්ගේ තෝරාගත් කවි ”ළසෝ දියවෙන භූමිය” ලෙසින් සිංහලට! (PHOTOS)

කොළඹ LNW:''ළසෝ දියවෙන භූමිය'' පරිවර්තිත කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම අද...

ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...

ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...