*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

අපි කරලා පෙන්නපු අය!

කොළඹ LNW: වැඩ කර පෙන්වා තිබෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ වන අතර ජනතාවට ඇති එකම විකල්පය ඔහු සමඟ ඉදිර ගමනක් යාම බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

රට වැටුණු වෙලාවේ ඇතැමුන් පැන ගියද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැටුණු රට වසර දෙකක් තුළ හොඳම රටවල් තුන අතරට ගෙන ආ බවද රත්නප්‍රිය මහතා කියාසිටියේය.

”රට බිංදුවට වැටිලා වසර දෙකක් තුළ හොදම රටවල් තුනට එන්න පුලුවන් වුණ එක ජයග්‍රහණයක්. සුරක්ෂා රක්ෂණය දීලා තියෙනවා. පවුලක දරුවන්ගේ බර යම්තාක් දුරට මේ නිසා අඩුවෙනවා. සපත්තු දෙනවා. දිවා ආහාරය ලබාදෙනවා. ගෑස්, ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන ඒමේ ප්‍රශ්නයක් නෑ. මොකද විදේශ සංචිත ශක්තිමත් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස කියනවා බදු අඩුකරනවා කියලා.කලින් හිටපු කෙනා බිලියන හයසිය ගානක් අඩු කරලා රට බංකොලොත් කළා. සජිත්ගෙන් අහනවා බදු අඩුකරලා රට බංකොලොත් කරන්නද හදන්නේ. මොකක්ද කරන්නේ කියලා හරියට කියන්න. ඊට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමත් කඩාවැටෙනවා. කවුරුහරි එයා ඉස්සරහට ආවාම මොනවාහරි කියනවා.හැමෝම හිතනවා අපි නායකයෝ කියලා. අපිට නායකයෙක් ඉන්නවා. කණ්ඩායමක් ඉන්නවා. වැඩපිළිවෙලක් තියෙනවා. කරලා පෙන්වලා තියෙනවා. කරලා පෙන්නපු නායකයෙක් ඉන්නේ අපි ගාව විතරයි. රට වැටුණ වෙලාවේ පැනලා ගියා. ජනතාවට තියෙන එකම විකල්පය, කරලා පෙන්නපු රනිල් වික්‍රමසිංහ එක්ක ගමනක් යන එක.
ජාතික ජන බලවේගයේ මුදල් ඇමති සුනිල් හදුන්හෙත්ති කියනවා ත්‍රීකුණාමලය සංවර්ධනය කරලා ණය ගෙවනවලු. උතුර, නැගෙනහිර,වතුකරය,සිංහල බහුතරය රනිල් වික්‍රමසිංහ එක්ක. එක එක ඇදුම් ඇදන් ඉන්න අයට වැඩක් වෙන්නේ නෑ.”
යනුවෙන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan