අපි කරලා පෙන්නපු අය!

Date:

කොළඹ LNW: වැඩ කර පෙන්වා තිබෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ වන අතර ජනතාවට ඇති එකම විකල්පය ඔහු සමඟ ඉදිර ගමනක් යාම බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

රට වැටුණු වෙලාවේ ඇතැමුන් පැන ගියද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැටුණු රට වසර දෙකක් තුළ හොඳම රටවල් තුන අතරට ගෙන ආ බවද රත්නප්‍රිය මහතා කියාසිටියේය.

”රට බිංදුවට වැටිලා වසර දෙකක් තුළ හොදම රටවල් තුනට එන්න පුලුවන් වුණ එක ජයග්‍රහණයක්. සුරක්ෂා රක්ෂණය දීලා තියෙනවා. පවුලක දරුවන්ගේ බර යම්තාක් දුරට මේ නිසා අඩුවෙනවා. සපත්තු දෙනවා. දිවා ආහාරය ලබාදෙනවා. ගෑස්, ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන ඒමේ ප්‍රශ්නයක් නෑ. මොකද විදේශ සංචිත ශක්තිමත් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස කියනවා බදු අඩුකරනවා කියලා.කලින් හිටපු කෙනා බිලියන හයසිය ගානක් අඩු කරලා රට බංකොලොත් කළා. සජිත්ගෙන් අහනවා බදු අඩුකරලා රට බංකොලොත් කරන්නද හදන්නේ. මොකක්ද කරන්නේ කියලා හරියට කියන්න. ඊට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමත් කඩාවැටෙනවා. කවුරුහරි එයා ඉස්සරහට ආවාම මොනවාහරි කියනවා.හැමෝම හිතනවා අපි නායකයෝ කියලා. අපිට නායකයෙක් ඉන්නවා. කණ්ඩායමක් ඉන්නවා. වැඩපිළිවෙලක් තියෙනවා. කරලා පෙන්වලා තියෙනවා. කරලා පෙන්නපු නායකයෙක් ඉන්නේ අපි ගාව විතරයි. රට වැටුණ වෙලාවේ පැනලා ගියා. ජනතාවට තියෙන එකම විකල්පය, කරලා පෙන්නපු රනිල් වික්‍රමසිංහ එක්ක ගමනක් යන එක.
ජාතික ජන බලවේගයේ මුදල් ඇමති සුනිල් හදුන්හෙත්ති කියනවා ත්‍රීකුණාමලය සංවර්ධනය කරලා ණය ගෙවනවලු. උතුර, නැගෙනහිර,වතුකරය,සිංහල බහුතරය රනිල් වික්‍රමසිංහ එක්ක. එක එක ඇදුම් ඇදන් ඉන්න අයට වැඩක් වෙන්නේ නෑ.”
යනුවෙන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...