අල්-කයිඩා නායකයා ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට

Date:

ඇෆ්ගනිස්ථානයේ අල්-කයිඩා සංවිධානයේ නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කර තිබෙනවා. ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්-කයිඩා නායකයා මරණයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

71 හැවිරිදි අල් සවාහිරි රැඳී සිටි, කාබුල් නගරයේ පිහිටි ආරක්ෂිත නිවසට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර මෙම ප්‍රහාරයෙන් අදාල නිවසට බරපතල හානි සිදුව තිබේ. ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වනවිට සවාහිරි නිවසේ බැල්කනියේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

2011 වසරේදී එවකට අල්-කයිඩා සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ ඔසාමා බින් ලාඩන්, පකිස්තානයේ රැඳී සිටියදී ඇමරිකානු ප්‍රහාරයකින් මරණයට පත් වූ අතර ඉන්පසු බින් ලාඩන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස අල් සවාහිරි පත් විය.

අල් සවාහිරි වසර ගණනාවක සිට ඇමරිකාව විසින් අත්‍යවශ්‍ය සැකකරුවන්ගේ ලැයිස්තුවට ඇතුලත් කර තිබූ අතර අවස්ථා ගණනාවකදී ඇමරිකාව අල් සවාහිරි ඝාතනය කිරීම සඳහා උත්සාහ දැරීය. 9/11 ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානතම සැළසුම්කරුවන් දෙදෙනා බින් ලාඩන් සහ අල් සවාහිරි බවට ඇමරිකාව විස්වාස කළේය.

අල්-කයිඩා නායකයාගේ ඝාතනය පිළිබඳව දැනුම්දෙමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙන්නේ ඇමරිකානු පුරවැසියන්ට එරෙහිව මිනීමැරුම් සහ ප්‍රචණ්ඩකාරී ප්‍රහාර සැළසුම් කළ අල්-සවාහිරි අතිශය භයානක ත්‍රස්තවාදියෙක් බවයි. ඔහු තවදුරටත් ජීවත්ව නොසිටින බවත්, ඔහුගේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් දිවි අහිමි වූ ඇමරිකානුවන්ට සාධාරණය ඉටු කිරීමට සමත් වූ බවත් ඔහු පවසා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...