අල්-කයිඩා නායකයා ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට

ඇෆ්ගනිස්ථානයේ අල්-කයිඩා සංවිධානයේ නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කර තිබෙනවා. ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්-කයිඩා නායකයා මරණයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

71 හැවිරිදි අල් සවාහිරි රැඳී සිටි, කාබුල් නගරයේ පිහිටි ආරක්ෂිත නිවසට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර මෙම ප්‍රහාරයෙන් අදාල නිවසට බරපතල හානි සිදුව තිබේ. ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වනවිට සවාහිරි නිවසේ බැල්කනියේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

2011 වසරේදී එවකට අල්-කයිඩා සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ ඔසාමා බින් ලාඩන්, පකිස්තානයේ රැඳී සිටියදී ඇමරිකානු ප්‍රහාරයකින් මරණයට පත් වූ අතර ඉන්පසු බින් ලාඩන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස අල් සවාහිරි පත් විය.

අල් සවාහිරි වසර ගණනාවක සිට ඇමරිකාව විසින් අත්‍යවශ්‍ය සැකකරුවන්ගේ ලැයිස්තුවට ඇතුලත් කර තිබූ අතර අවස්ථා ගණනාවකදී ඇමරිකාව අල් සවාහිරි ඝාතනය කිරීම සඳහා උත්සාහ දැරීය. 9/11 ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානතම සැළසුම්කරුවන් දෙදෙනා බින් ලාඩන් සහ අල් සවාහිරි බවට ඇමරිකාව විස්වාස කළේය.

අල්-කයිඩා නායකයාගේ ඝාතනය පිළිබඳව දැනුම්දෙමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙන්නේ ඇමරිකානු පුරවැසියන්ට එරෙහිව මිනීමැරුම් සහ ප්‍රචණ්ඩකාරී ප්‍රහාර සැළසුම් කළ අල්-සවාහිරි අතිශය භයානක ත්‍රස්තවාදියෙක් බවයි. ඔහු තවදුරටත් ජීවත්ව නොසිටින බවත්, ඔහුගේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් දිවි අහිමි වූ ඇමරිකානුවන්ට සාධාරණය ඉටු කිරීමට සමත් වූ බවත් ඔහු පවසා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රු.බි. 5ක මාතර සමුපකාර වංචා විමර්ශනය: වාහන 12ක් භාවිත කිරීම අධිකරණයෙන් තහනම් කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: රුපියල් මිලියන 5,000ක් පමණ...

ස්පාඤ්ඤයේ මහා වැඩවර්ජනයක් අතරතුර බාසිලෝනා නගරයේ දරුණු ගැටුම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ස්පාඤ්ඤයේ දහස් සංඛ්‍යාත...

මෙවර සාංචියට රටවල් රැසකින් බැතිමතුන්

කොළඹ LNW:ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි මහා පුදබිමේ වාර්ෂික...

ජනපති අනුරගේ 2027 අයවැය කතාව අද පාර්ලිමේන්තුවට

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැය යෝජනාවලිය අද (12) ජනාධිපති...