විදෙස් මුදල් තියනව නම් බය නැතුව ගිණුම්වලට දාන්න !

Date:

ඇමරිකානු ඩොලර් හෝ වෙනත් මුදල් සතු ශ්‍රී ලාංකිකයන්ට එම මුදල්වලින් ගිණුම් ආරම්භ කිරීමට කිසිදු ගැටලුවක් නැති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසනවා. එවැනි ගිණුම් ආරම්භ කරන පුද්ගලයන්ගෙන් කිසිදු ප්‍රශ්න කිරීමක් සිදු නොකරන බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් ඔහු සඳහන් කළේ.

එසේ නොමැති නම් අදාල මුදල් බැංකු මගින් රුපියල්වලට මාරු කර ගැනීමට අවස්ථාව තිබේ. ඊට අදාලව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමටද කටයුතු කරන බවයි ගුණවර්ධන මහතා පවසන්නේ.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ සමා කාලයක් යටතේ මෙම අවස්ථාව ලබා දී ඇති බවයි. ඒ අනුව උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඕනෑම මුදල් ප්‍රමාණයක් බැංකුවල තැන්පත් කිරීමට හෝ රුපියල්වලට මාරු කිරීමට අවස්ථාව ලබා දී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...