අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ජීවන්ත පීරිස් පියතුමාගෙන් පෙත්සමක්

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වන ජීවන්ත පීරිස් පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව සිය පෙත්සමෙන් පෙන්වා දෙන ජීවන්ත පීරිස් පියතුමා වැඩිදුරටත් අවධාරණය කරන්නේ එය තම මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් බවයි. මේ නිසා තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි සිය පෙත්සම මගින් ‍‌ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

පොලිස්පතිවරයා, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ත්‍රිවිධ හමුදාපතිවරු, නීතිපතිවරයා ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකරුවන් පිරිසක් මේ වනවිටත් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...