ස්ටුවර්ඩ් බ්‍රෝඩ්ට අපරාජිත සමුගැන්මක්

Date:

මෙවර අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පස්වැනි තරගයෙන් පසුව සිය ටෙස්ට් දිවියට සමුගැනීමට තීරණය කර ඇති ස්ටුවර්ඩ බ්‍රෝඩ්ට ගෞරවණීය සමුගැනීමක් දීමට කණ්ඩායම් සඟයෝ සමත් වූහ.ඒ සමුගැනීමේ තරගය ජයග්‍රහණයකින් කෙළවර කරන්නට සහ සමුගැනීමේ තරගාවලිය සමව නිම කරන්නට දායක වෙමින්ය.
සමුගැනීමේ තරගයේදී ද කණ්ඩායම වෙනුවෙන් යහපත් ලෙස දක්ෂතා දැක් වූ ත්‍රිස් බෝඩ් පළමු ඉණිමේ සහ දෙවන ඉණිමේ කඩුලු 2 බැඟින් කඩුලු 4 ක් දවා ගන්නට සමත් වූහ.තරගාවලියේ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කැපී පෙණුනම සහ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු එංගලන්ත පන්දු යවන්නා වූයේ ද ක්‍රිස් බෝඩ් ය.ඔහු කඩුලු 22 ක් ඔස්ට්‍රේලියාවෙන් උදුරා ගන්නට සමත් විය.


තරගාවලියේ ඉදිරියෙන් සිටින්නට සමත් වූ ඔස්ට්‍රේලියාව ලකුණු 295 ක් දවා ගන්නට සමත් විය.ඒ එංගලන්තට ලබා ගත් ලකුණු 283 ට පිළිතුරු වශයෙනි.එංගලන්තය වෙනුවෙන් පළමු ඉණිමේදී වැඩිම රැස් කළ පිතිකරුවා වූයේ හැරි බෘක් ය.ඔහු ලකුණු 81 ලැබීය.ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී මිදෙල් ස්ට්‍රැක් ලකුණු 82 ට කඩුලු 4 ක් ලබා ගනිමින් කැපී පෙණින.ඕස්ට්‍රේලියානු ඉණිම වෙනුවෙන් අධිෂ්ඨානපූර්වක ඉණිමක් දියත් කළ ස්ටීව් ස්මිත් ලකුණු 71 ක් එක් කළ අතර නායක පැට් කමින්ස් (36) සමඟ අට වන කඩුල්ලට එකතු කළ ලකුණු 54 පොවන්නට ඔස්ට්‍රේලියාව සිටියේ ලකුණු 200 ලබා ගැනීමද අවිනිශ්චිත තත්ත්වයකය.නායක කමින්ස් ද ලකුණු 185 ක් ව තිබියදී පිටියට පැමිණ අවසාන කඩුල්ල ලකුණු 295 දී දැවී යන විට කණ්ඩායම ලකුණු 110 ක් එකතු කර ගන්නට සහය වී තිබිණ.


දෙවන ඉණිමේ ශ්‍රී ලංකාවට සිය ලකුණු පූවරුව ලකුණු 395 දක්වා රැඟෙන යන්නට හැකි විය.එම ඉණිම පොහොසත් කිරීම වෙනුවෙන් ජෝ රූට් (91),සැම් ක්‍රවුලි (73) සහ ජොනී බ්‍රේස්ටෝ (78) විශාල දායකත්වයක් දැක් වූහ.තරගය අතරමැද දී සමුගැනීම ප්‍රකාශ කළ ස්ටුවර්ඩ් බ්‍රෝඩ් සිය අවසන් ටෙස්ට් ඉණිමට පිතිකරුවෙක් ලෙස එකතු කරන්නට සමත් වූයේ ලකුණු 7 ක් පමණි.
පිළිතුරු එංගලන්ත ඉණිම ලකුණු 284 ක් වූ ඉලක්කයට යනු ඇතැයි විශ්වාස කළ හැකි අන්දමට ඔස්ට්‍රේලියානු දෙවන ඉණිමේ ආරම්භයට එකතු කළ පළමු කඩුල්ලේ සබඳතාවයම ලකුණු 140 ක් විය.නමුත් තරගය වෙනුවෙන් එංගලන්තය දරන පීඩාව මදකින් හෝ අඩු නොකළ අතර එංගලන්තයට ජයග්‍රහණ ගණනකට කැප වී ක්‍රීඩා කළ ස්ටුවර්ඩ් බ්‍රෝඩ් ද පන්දු යැවීමේ මට්ටම ඉහළින්ම තබා ගෙන පන්දු යැවීම භාරගෙන තිබිණ.තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ උස්මාන් කවාජා මෙම තරගයේදී ත් ලකුණු 72 ක් එකතු කළ අතර සමස්ත තරගාවලියේදී ඔහු පිත්තෙන් එකතු කර තිබුණ ලකුණු ප්‍රමාණය පමණක් ලකුණු 490 කි.


කවාජාගේ ලකුණු 72 සමඟ ආරම්භක කඩුල්ලේ සබදතාවයට ඩේවිඩ් වෝනර් එකතු කළ වටිනාකම ලකුණු 60 ක් විය.කඩුලු 4 දැවෙන විටත් ඕස්ට්‍රේලියාව සිටියේ පහසු ඉරියව්වක නොවේය.අනිවාර්යෙන් ජය ගත හැකි යන විශ්වාසය ක්‍රිකට් මනස්වල ඇති කරමින් ඔවුහු හොඳින් පහර දුන්හ.නමුත් තරගාවලියේ වීරයා ලෙස සැළකුණු ක්‍රිස් වෝකර්ස් ලකුණු 52 ට කඩුලු 4 ක් දවා ගනිමින් ඕස්ට්‍රේලියාවට නැග්ම අමාරු කළේය.ඒ කඩුලු දඩයක්කාරයන් අතරෙට එකතුව බ්‍රෝඩ් ලකුණු 62 ට කඩුලු 2 ක් දවා ගනිම්න් දක්ෂතා දැක්වීය.
ලකුණු පූවරුවට මෙතනින් පිවිසෙන්න


https://www.espncricinfo.com/series/the-ashes-2023-1336037/england-vs-australia-5th-test-1336047/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...