*
Sunday, May 5, 2024
spot_img

Latest Posts


දුප්පතුන්ට සහන ලබාදෙන විට විරුද්ධ වන්නේ මුදල් ඇති පිරිස් – ශෙහාන් සේමසිංහ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අවුරුදු 25කට අධික  වැඩි කාලයක් පැවති සුභසාධන ක්‍රමය වෙනස් කරමින් නව ක්‍රමයක් හඳුන්වාදුන්වාදීමේදී අඩුපාඩු සිදුවන බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. නියම දුප්පතුන්ට සහන ලබාදෙන විට විරුද්ධ වන්නේ මුදල් ඇති පිරිස් බව ඔහු පවසයි.

“එක එක දේශපාලන පක්ෂවලට පුද්ගලයින් ට කැමති විදියට සුබසාධන ඉවත් කරන්නත් ලබාදෙන්නත් හැකියාව තිබුණ ක්‍රමවේදය අපි ඉවත් කරලා තියෙනවා. අවුරුදු 25කට වඩා වැඩි කාලයක් තිබුණ ක්‍රමය වෙනස් කරලා අලුත් ක්‍රමයක් හඳුන්වාදුන් නිසා අඩුපාඩු නැතුවාම නෙමෙයි. ඒ අඩුපාඩුත් අපි ඉදිරි කාලයේ දී ඉවත් කරන්න කටයුතු කරනවා විතරක් නෙමෙයි. මේ රටේ සුබසාධන දීමනා ලැබිය යුතු සුදුසුම කණ්ඩායමට සුබසාධන දීමනා වැඩිවශයෙන් ලබාදෙන්න කටයුතු කරනවා. ඉස්සර ගමට ආවහම තිබුණ චෝදනාව තමා යමක්කමක් තියෙන අයට සුබසාධන දීමනා ලැබෙනවා, සමෘද්ධිය ලැබෙනවා අපිට ලැබෙන්නේ නෑ කියලා. ඇත්තටම දුප්පත් අයට ලබා දෙද්දි යමක් කමක් තිබිලා සමෘද්ධිය ගත්ත අය ඉදිරියට ඇවිත් කියනවා මේ ක්‍රමවේදය අසාධාරණයි කියලා.”

“වෘත්තීය සමිති රැසක් මේ වැඩේ කරන්න උදව් කළේ නෑ. ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරය කප්පාදුවකට නෙමෙයි මේ ලක්වෙන්නේ. සමෘද්ධියට ඒ දුප්පත්කමින් ඔබව මුදවා ගැනීමේ පුළුල් වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඉඩ ලබාදීලා, ඔබට සුබසාධන මුදල් විතරක් තවත් ආයතනයකින් ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. දැන් අභියාචනා ටික ගත්තා. පැමිණිලි ටික ගත්තා. ඒවා විමර්ශනය වෙයි. බැංකු ගිණුම් ටික විවෘත වෙලා නෑ තාම තේරුණ අයගේ. ඒ ටික විවෘත කරන්න වැඩපිළිවෙලක් වෙයි. මේ තුළ කිසිම කෙනෙක් කලබලවෙන්න වෙන්න අවශ්‍ය නෑ. කලබලවීම ප්‍රශ්නයට විසඳුම වෙන්නේ නෑ. අපි දැක්කානේ අවුරුද්දකට කලින් කට්ටිය කලබලවෙලා එක එක කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. ඒ නායකයින්ගේ ගිණුම්වල තියෙන මුදල් ප්‍රමාණය අද අපි දකිද්දි අවසානයේ අරගලයේ ප්‍රතිඵලයක් ඔබට නැතිවෙලා තියෙන්නේ. නායකයෝ ඔවුන්ගේ පැවැත්ම සඳහා ඒ අරගලය පාවිච්චි කරපු නිසා.”
ලෙස පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan