මම මේක උඩු යටිකුරු කරනවා – විජයදාස රාජපක්ෂ

Date:

කොළඹ LNW:පසුගිය කාලයේ සියලුම අපේක්ෂකයින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන්දවලින් වන හෙයින් තමන්ගේ පදනම එම ශ්‍රීලනිප ජන පදනම බව ජනාධිපතිධූර අපේක්ෂක හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

හිටපු අමාත්‍යවරයා මේබව සඳහන් කළේ සිය මැතිවරණ කටයුතු සඳහා ආශිර්වාද ලබා ගැනීමට ඊයේ (02) පස්වරුවේ නවගමුව පත්තිනි දේවාලයට හා එම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සෙසු අපේක්ෂකයින් තමන්ට අභියෝගයක් නොවන අතර දෙපැත්තේම හොරු දෙපැත්තම රකින බවයි රාජපක්ෂ මහතා කියාසිටියේ.

මේ වන විට දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මැතිවරණ කටයුතු ආරම්භ කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළ අතර තව දින 10කින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන බවද ඔහු සඳහන් කරන ලදී.

”මහින්ද පිලේ හිටි අය රනිල් ගාවට ගියේ ආරක්ෂා වෙන්න. දියවන්නාවට අලුත් මූණූ ගෙනල්ලා උඩු යටිකුරු කරන්නයි මම ආවේ. පාර්ලිමේන්තුවට එන්න බැරි අයත් අපි පාර්ලිමේන්තුට ගෙනාවා.පහුගිය කාලයේ සියලුම අපේක්ෂකයෝ දිනෙව්වේ ශ්‍රී ලංකා ජන්ද වලින්. මගේ පදනම එතන. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය දවස් 10න් එළිදක්වනවා. අනුර කුමාර අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ හිටියා මොනවද කළේ. චන්ද්‍රිකාගේ කාලේ ඉදන් එයාලා ආණ්ඩුවලට සහයෝගයදුන්නා. නමුත් රටට මොනවද කළේ? ඔය දැන් බෙදාගෙන යන රස්සාවක් කරල තියෙනවද? රටට මොනවද කළේ? රනිල් වික්‍රමසිංහ කදවුරට ලක්ෂ 10ක ජන්ද ගන්න බෑ. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 25ටවත් නැවත පාර්ලිමේන්තුවට එන්න බෑ. මම මුල්කිරිගලෙන් මැතිවරණ කටයුතු ආරම්භ කරනවා. රටේ වෙනස ආරම්භ වෙලා.තියෙන්නේ. රටට ආදරේ රට ගොඩගන්න කැමති අය මා සමග ඉන්නේ.” යනුවෙන් විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...