ඉරානය ඩුබායි, බහරේන්, ජෝර්දානය සහ කුවේට් යන රටවලට පහර දේ

සටහන:සශිකලා මධුෂාණි
මාර්තු 01 ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පළමු එක්සත් ජනපද සහ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් පැය කිහිපයක් ඇතුළත, ඉරානය රටවල් හයකට වැඩි ප්‍රමාණයක් ඉලක්ක කර ගනිමින් පුළුල් පරාසයක ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රතිචාර දක්වා ඇත.

ඒ අතර ඉරානය ඩුබායි හි ලෝක ප්‍රසිද්ධ ඩුබායි හි සුඛෝපභෝගී පාම් ජුමෙයිරා ප්‍රදේශයේ තරු පහේ හෝටලයට හා නගරයේ ප්‍රසිද්ධ සුඛෝපභෝගී හෝටලයක් වන බර්ජ් අල් අරාබි යන හෝටල්වලට ප්‍රහාර දියත් කර ඇති අතර නොදී ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කොටසක් ද විනාශයට පත්ව ඇත.

සිවිල් ආරක්ෂක කණ්ඩායම් වහාම ප්‍රතිචාර දක්වමින් තත්වය පාලනය කර ඇති අතර ප්‍රහාර හේතුවෙන් සිවු දෙනෙකු තුවාල ලබා ඇත.

බහරේන්හි දැවැන්ත එක්සත් ජනපද නාවික කඳවුරට හා රටේ ජාතික ආරක්ෂක ඒජන්සියට ඉරානය විසින් ප්‍රහාර දියත්කර ඇත. කුවේට්හිද ඩ්‍රෝන යානයක් රටේ ප්‍රධාන ගුවන් තොටුපළට කඩා වැටී සේවකයින් කිහිප දෙනෙකුට තුවාල සිදු කළ අතර පහසුකම් වලට හානි සිදුව ඇත.

ලෙබනනයේ, වාණිජ ගුවන් ගමන් අවලංගු කර ඇති අතර හිස්බුල්ලා සංවිධානය ඉරාන පාර්ශවයට මැදිහත්වීම සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා නොවන අතර ජෝර්දානයේ, මිසයිල කැබලි අහසින් වැටී දැල්වීමත් සමඟ උතුරු නගරයක් වන ඉර්බිඩ් හි ගින්නක් ඇති වී ඇත.

මෙම ප්‍රහාර කලාපය පුරා අරාබි රාජ්‍යයන්ගෙන් ඉරානය විසින් ඔවුන්ගේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙස හෙළා දැක ඇති අතර කටාර් තම භූමියට එල්ල කරන ලද ඉරාන ප්‍රහාර “ජාතික ආරක්ෂාවට සෘජු ප්‍රහාරයක්” ලෙස හඳුන්වමින් අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන් ප්‍රතිචාර දැක්වීමට අයිතියක් ඇති බවට අනතුරු ඇඟවා ඇත.

එක්සත් ජනපද සහ ඊශ්‍රායලය ඉරාකයේ ඉරාන පිටුබලය ලබන ජනප්‍රිය බලමුලු ගැන්වීමේ බලකායන්ට අයත් කඳවුරුවලට ප්‍රහාර එල්ල කරන ලද අතර, එහිදී සන්නද්ධ ඉරාක කණ්ඩායමක් වන කටයිබ් හිස්බුල්ලා හි සාමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර කටයිබ් හිස්බුල්ලා සහ යේමනයේ හූති යන දෙදෙනාම කලාපය පුරා ඇමරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කරන බවට තහවුරු කර ඇත.

ප්‍රහාර සහ අනපේක්ෂිත ප්‍රතිවිපාක හේතුවෙන් මිලියන 93 ක ජනතාවක් ජිවිත අවධානම සම්බන්ධයෙන් බියට හා අනාරක්ෂිත බවට පත්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...