කාර් රථයක් දෙකට කැඩුණු පාර්ලිමේන්තු පාරේ බිහිසුණු අනතුරින් දෙදෙනෙකු මරුට ! (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාර්ලිමේන්තු පාරේ රණවිරු ස්මාරකය ආසන්නයේදී අද (03) පෙරවරුවේ සිදුවූ බිහිසුණු රිය අනතුරෙන් තුවාල ලබා රෝහල්ගත කළ තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

පැලවත්ත ප්‍රදේශයේ සිට පොල්දූව මං සන්ධිය දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව වෑන් රථයක ගැටී ගසක ද ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණු අතර එහිදී මෝටර් රථය දෙකට කැඩී තිබිණි.

මෝටර් රථයේ ගමන් කළ තරුණයින් සිව්දෙනාම තුවාල ලබා රෝහල්ගත කර තිබුණු අතර ඔවුන්ගෙන් බරපතළ තුවාල ලබා සිටි පසුපස අසුනේ ගමන් ගත් තරුණයින් දෙදෙනා ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව වාර්තා විය.

වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වේ.

ඡායාරූප සහ වීඩියෝව – Accident first ෆේස්බුක් පිටුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග! 

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා ධවල...

රාජු සලකුණ ….

කෑගල්ලෙන් බිහිවෙච්ච සංගීතවේදීන් අතරින් සුවිශේෂ ගායකයෙක් සහ වාදකයෙක් වෙච්ච...

අද (16) දවසේ කාලගුණ අනාවැකිය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 16) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරන්න කාටවත් අයිතියක් නෑ. එතන පැහැදිලි වැරැද්දක් වෙලා තියෙනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 6 ශ්‍රේණියට අදාළ මොඩියුල...