අද සාගර කාරියවසම්ලා මොන ලියුම එව්වත් අපි ඒවට බය නෑ – පියල් නිශාන්ත

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ (LNW):

පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ගේ තරාතිරම නොබලා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි මහලේකම් සාගර කාරියවසම්ගේ අත්සනින් යුත් ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගෙන ඇති බවය.

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහයෝගය දැක්වීමට පොහොට්ටුවේ පිරිසක් තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. 

එලෙස ලිපියක් ලැබී ඇති අතර , ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඒ පිළිබඳව සඳහන් කරන්නේ, “අද සාගර කාරියවසම්ලා මොන ලියුම එව්වත් අපි මේවට බය නෑ. අපි තීන්දු තීරණ ගත්තේ ජනාධිපතිතුමා මේ රටට සිදුකළ සේවය නිසයි.” යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (16) දවසේ කාලගුණ අනාවැකිය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 16) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරන්න කාටවත් අයිතියක් නෑ. එතන පැහැදිලි වැරැද්දක් වෙලා තියෙනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 6 ශ්‍රේණියට අදාළ මොඩියුල...

IMF විශේෂ දූත පිරිසක් ලබන සතියේ දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දූත පිරිසක්...

හද වේදනා මෙසේ රැයේ කියා – රාජු බණ්ඩාර සමුගනී !

ප්‍රවීන ගායන ශිල්පියකු සහ ගිටාර් වාදන ශිල්පියකු වූ රාජු...