මාධ්‍ය හරහා ජනතා මනස විකෘති වන තොරතුරු පළකරන්න එපා – මැතිවරණ කොමසාරිස් ජනරාල්

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ (LNW):

සියලුම තේරීම් භාර නිලධාරීන් අද දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි. මැතිවරණය සම්බන්ධ කර ගනිමින් ජනතා මනස විකෘති වන තොරතුරු මාධ්‍ය හරහා පළ නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඉල්ලා සිටින අතර, ජනාධිපතිවරණයේ දී රාජකාරී කළ යුතු ආකාරය හා ජනාධිපතිවරණය විධිමත්ව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සියලුම තේරීම් භාර නිලධාරීන් මෙන්ම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණු බව සඳහන් වේ.

මේ අතර එළඹෙන සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාර ගැනීම අගෝස්තු 14 වනදා මධ්‍යහ්න 12ට අවසන් වේ . අගෝස්තු 15 වනදා නාම යෝජනා භාර ගැනීමට නියමිත අතර, මේ වන විට අපේක්ෂකයින් 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බවත් , පිළිගත් දේශපාලන පක්ෂ 8ක් ඇප තැන්පත් කර ඇති බවද., මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළේය.

පසුගිය මැතිවරණවලදී සිදුකළ අයුරින්ම ඉදිරි ජනාධිපතිවරණයේදීද හොර ක්‍රියා මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.මේ අතර මැතිවරණ දූෂණ වැළැක්වීම සඳහා පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් වසර පහෙන් පහට වෙනස් කිරීම වැදගත් බව කොමිසම සඳහන් කරයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.පසුගිය කාලයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සුලභව පැවතුණු ප්‍රදේශ විස්සක් පමණ හඳුනාගෙන ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී එම ප්‍රදේශවලට වැඩි ආරක්ෂකක් සැලසීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...