ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් නෑ – අග්‍රාමාත්‍ය හරිනි

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ LNW:

වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවය සඳහා එක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීන් සහ සිසුන් සමග සාකච්ඡාවක නිරත විය. එහිදී අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, විශ්වවිද්‍යාල සිසුන් සිදුකරන උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන බවත්, නමුත් ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් ලබා නොදෙන බවයි.

නව පුස්තකාලය විවෘත කිරීම සංකේතවත් කරමින් සමරුඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍යවරිය, නව පුස්තකාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්ව තිබෙන අතර, අනතුරුව විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු පිළිබඳවද අවධානය යොමු වූ බව එම අමාත්‍යංශය පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පෙන්වා දුන්නේ, රජයේ අපේක්ෂාව වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමාණාත්මක වර්ධනයකට වඩා, ලෝකයට මුහුණ දිය හැකි, ලෝකයත් සමඟ ගනුදෙනු කළ හැකි සිසුන් බිහිකරන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන ස්ථාන බවට විශ්වවිද්‍යාල පත් කිරීම බවයි.

විශ්වවිද්‍යාල, හුදු පළමු උපාධිය හිමි උපාධිධාරීන් පමණක් බිහි කරන කාර්යයෙන් ඔබ්බට ගොස් පශ්චාත් උපාධි අධ්‍යයනයන් සහ රටට ලෝකයට වැඩදායී සහ ඵලදායී පර්යේෂණ සිදුකරන ස්ථාන බවට පත්කරගැනීම සිය රජයේ අපේක්ෂාව බවද අග්‍රාමාත්‍යවරිය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...

කෝටි 07ක් රජයට පාඩුකිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ඇමති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) දින සබරගමුව...