සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සාකච්ඡා ඇරඹේ ….

Date:

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා වට කිහිපයක් ඊයේ (02) පැවැත්වී තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයින් පළමු සාකච්ඡා වටයට එක්ව සිටි අතර දෙවන සාකච්ඡාව ලංකා කම්කරු කොංග්‍රසය සමග පැවැත්විණි. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු නියෝජිතයින් ඊට සහභාගී වූහ.

තෙවන සාකච්ඡාව ජාතික කොංග්‍රසය සමග පැවැත්වුණ අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වූහ.

අද (03) දිනයේදී මේ ආකාරයෙන් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...