රනිල්ට සහ ආණ්ඩුවට එරෙහිව අගෝස්තු 09 මුළු රටම පාරට බස්සනවා – වසන්ත (VIDEO)

Date:

ජනතාව මර්දනය කිරීමට කටයුතු කරන රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව සහ වත්මන් පාර්ලිමේන්තුවට එරෙහිව අගෝස්තු 09 වෙනිදා රටේම ජනතාව පාරට බස්සවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

“පොදු ජනතා අරගලයෙන් අපි කළේ දූෂිත, අසාර්ථක, ජනතාව පීඩාවට පත්කරපු පාලකයින් එළවපු එක. හැබැයි ඒ අරගලය දැන් අතරමැදදී හයිජැක් කරලා ආපහු ඒ දූෂිතයින් විසින්ම ජනතාවට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ආණ්ඩුවක් හදාගෙන තියෙනවා. මේ පාර්ලිමේන්තුව කියන ගුබ්බෑයම පාවිච්චි කරලා මේ වෙනකොට රාජපක්ෂලාගේ ආරක්ෂකයා වෙච්ච රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම දැන් මේ අරගලකරුවන් මර්දනය කරන්න ආරම්භ කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මුහුදෙන් යනකොට රනිල් වික්‍රමසිංහ රොකට් එකෙන් බැහැලා වගේ ජනාධිපති පුටුවට එන්නෙ රාජපක්ෂලාගෙ දේශපාලන සැලැස්මේ කොටසක් හැටියට. ඒ ආපු රාජපක්ෂ – රනිල් දෙගොල්ල දැන් ජනතාව බියවද්දමින් සමාජ භීතිකාවක් ගොඩනඟමින් ඉන්නවා. මුහුදු වෙරළට මිනී ගොඩගහගෙන එන්නෙ නිකම් නෙවෙයි. මේ රටේ පොලිසිය, ආරක්ෂක අංශ අසාර්ථක වුණේ නෑ. හොයාගන්න බැරි ඝාතන සියල්ල පසුපස හිටියේ ආණ්ඩුව. මේ පාලකයෝ රටේ ජනතාව මර්දනය කරන්න කටයුතු කරනවා නම් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විදියට අපි ඒකට එරෙහිව මුළු රටම පාරට බස්සන්න කටයුතු කරනවා. අපි සියලු දෙනා එක්ව අගෝස්තු 09 වෙනිදා ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරනවා. මුළු රටේම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබ ඔබේ වැඩබිම ඉස්සරහට එන්න, ඔබේ නිවස ඉදිරිපිට කළු කොඩියක් දාන්න, ඔබේ ළඟම නගරයට එන්න. කොළඹ අපි සියලු දෙනා එකතුවෙලා මේ විරෝධතා ව්‍යාපාරය පෙළගස්වනවා”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...