දෙවැනි රැල්ල මග එනවා, මේ පාලකයින්ට යන්න තැන් හොයාගන්න වෙයි – ෆොන්සේකා (VIDEO)

Date:

පසුගිය ජුලි 09 වෙනිදා පැමිණියේ අරගලයේ පළමු රැල්ල බවත් දෙවැනි රැල්ල දැනටත් මඟ එමින් තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.

“අපි ඇත්තටම මේ මර්දනකාරී ක්‍රියාපිළිවෙත ඉතා පිළිකුලෙන් හෙළාදකිනවා. හොර පාරෙන් ජනාධිපති පුටුවට ආපු වර්තමාන ජනාධිපති, එයා මේ දවස්වල වඳුරාට දැලි පිහිය දීලා වගේ මේ රටේ ජනතාව පෙළන්න, අත් අඩංගුවට ගන්න, හිරගෙවල්වල දාන්න කටයුතු කරමින් ඉන්නවා. මේ පාලකයින් හිතුමතේට ගන්න තීන්දු නිසා නීතියේ ආරක්ෂාවට ඉන්න නිලධාරීන් පවා අපහසුතාවට පත්වෙනවා. අරගලය මර්දනය කරන්න හිතනවා නම් මේ විදියට, ඒක වෙන්න අපිත් ඉඩතියන්නෙ නෑ. මේ 09 වෙනිදා තරුණයො පෙළසැදෙමින් හිටියා, ඒක නවත්තන්න දරණ උත්සාහයක් හැටියටයි අපි මේක දකින්නෙ. සුනාමියෙ පළවෙනි රැල්ල තමයි ඉස්සෙල්ලා ආවෙ ගිය මාසෙ 09 වෙනිදා. දෙවැනි රැල්ල තාම මග එනවා. ඒක මේ විදියට මර්දනය කරලා නවත්තන්න පුළුවන් කියලා හිතුවොත් ඒක වැරදීමක්. අනිවාර්යයෙන්ම දෙවැනි රැල්ල ඒවි, එතකොට මේ පාලකයින්ට යන්න තැන් හොයාගන්න වේවි”

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ අත් අඩංගුවට ගෙන සිටින අරගලයේ සාමාජිකයින් පිළිබඳ සොයාබැලීම සඳහා ඊයේ (02) කොල්ලුපිටිය පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...