සියලු ප්‍රශ්නවලට විසඳුම අයිඑම්එෆ් නොවේ – සහාය ගත් බොහෝ රටවල් විනාශ වුණා

Date:

කබ්රාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි එම් එෆ්) සහාය පැතීම අප රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙනු ඇතැයි විශ්වාස කිරීම මිත්‍යාවක් බවත් එකී අරමුදලින් සහාය ලබාගත් බොහෝ රටවල් විනාශවී ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියේය.

එකී අරමුදලේ සහය ලබාගැනීමට නම් බදු වැඩි කිරීම, ජනතාවට ලබාදෙන සහන සහ සුබසාධන කටයුතු වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් අවම කිරීම හා සම්පූර්ණයෙන්ම පාහේ කපා හැරීම්, විශ්‍රාම වැටුප් කපා හැරීම වැනි රටේ අසරණ ජනතාව පීඩාවට පත්කරන අහිතකර කොන්දේසි රැසකට අවනතවීමට රජයට සිදුවන බව හිටපු මහ බැංකු අධිපතිවරයා සිය දිවුරුම් ප්‍රකාශය මගින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලට පෙන්වා දී තිබේ.

රට ආර්ථික අගාධයකට ඇද දැමීමට පාදකවූ තීරණ ගත් වගකිවයුත්තන්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදුකර නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් කේ. මලල්ගොඩ, එල්. ටී. බි. දෙහිදෙනිය හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපතිවරයා එලෙස පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස තමා සැමවිටම කටයුතු කළේ මහ බැංකුවේ වගකීම නීතියට අනුව හා මහ බැංකුවේ මූලික අරමුණ ඉෂ්ට කර ගැනීමේ පරමාර්ථයෙන් බවත් තමන් ඉටුකළ කාර්ය අනුව පැමිණිලිකරුවන්ගේ කිසිදු මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී නොමැති බවත් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මගින් ඉදිරිපත් කළ එම දිවුරුම් ප්‍රකාශය මගින් හෙතෙම කියා සිටී.

2022 ජනවාරි වනවිට රජයේ ප්‍රතිපත්තිය වූයේ ණය ගෙවීම පැහැරහැරීම නොව ණය ගෙවීම බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 ජනවාරි 18 වැනිදා සෛවරි බැඳුම්කර ණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ගෙවනු ලැබුවේ එකී පදනම මත බවත් හෙතෙම සිය දිවුරුම් ප්‍රකාශය මගින් පවසයි. රාජ්‍ය ණය ගෙවීමේ වගකීම ඇත්තේ රජයට මිස රජයේ නියෝජිතයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මහ බැංකුවට නොවන බවත් ඒ බව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2021.12.10 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවෙන් හා 2022.04.12 වැනිදා රජය නිකුත්කළ නිවේදනයෙන් තහවුරු වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

රට මෙවන් අගාධයකට වැටීමට හේතුවී ඇත්තේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් 3 වැනි වගඋත්තරකරු ලෙස නම්කොට ඇති බැසිල් රාජපක්ෂ හා 7 වන වගඋත්තරකරු ලෙස නම්කොට ඇති අජිත් නිවාඩ් කබ්රාල්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා බවද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා (01දා) විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක


දිවයින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...