අනුරාධපුර, රඹෑව විවිධ සේවා සමූපකාරයේ නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හැකිවී තිබේ.
ඒ අනුව එහිදී සමස්ත සභික ධුර 93න් 40ක්ම සමගි ජන බලවේගය විසින් දිනාගෙන ඇති අතර ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තවත් සභික ධුර 26ක් දිනාගෙන ඇත.
ජාතික ජන බලවේගයට එහිදී හිමිව ඇත්තේ සභික ධුර 27ක් පමණි.


