සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 74 වැනි බස් රථය නොච්චියාගම විද්‍යා ආදර්ශ මහා විද්‍යාලයට

Date:

පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය නඟා සිටුවනු සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන “සක්වල” වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් නොච්චියාගම විද්‍යා ආදර්ශ මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීම ඊයේ (02) සිදුකෙරිණි.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙය මෙම වැඩසටහන යටතේ පාසල් සඳහා පරිත්‍යාග කෙරුණු 74 වැනි බස් රථය වේ.

සමගි ජන බලවේගය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන්, විවිධ දානපතීන්ගේ ආධාර සහිතව මීට පෙර, පාසල් 73 ක් සදහා රුපියල් ලක්ෂ 50ක් බැගින් වටිනා බස් රථ 73ක් ලබා දුන් අතර ඒ සදහා වැයකර ඇති මුදල රු. 354,200,000.00 කි.

එසේම සුහුරු සිසුවකු නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව සිදු කරන සක්වල වැඩසටහන යටතේ පාසල් 33කට රු. 29,033,650.00ක සුහුරු පන්ති කාමර උපකරණ ද ලබා දී තිබේ.

එමෙන්ම, සමගි ජන බලවේගය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සිදු කරන හුස්ම වැඩසටහන යටතේ මේ වනවිට දිවයින පුරා විවිධ ප්‍රදේශවල රෝහල් 56 කට රු. 171,966,900.00ක සෞඛ්‍ය උපකරණත් ලබාදී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර හෑගොඩයන් විසින් රචිත “හිමකැටි ආදරය” සමඟ ගෙවූ රසවත්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...