*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ එකම ජයග්‍රහණයේ වීරවරිය වීමේ භාග්‍යය දුලංගි ට

ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව ලද එකම ජය බාර්බඩෝස් කණ්ඩායමට එරෙහිව වාර්තා කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.ඒ ලකුණු 60 – 56 ක් ලෙසයි.තරගය ආරම්බයේදී වින්ග් ඇටෑක් ක්‍රීඩිකාවක ලෙස තරගයට පිවිස අවසාන කාර්තුවේදී ගෝල් ඇටෑක් භූමිකාවටත් පිවිසෙමින් තරගය පුරාම පිටිය පුරා සිය වගකීම නොපිරිහෙළා ඉටු කරන ලද දුලංගි වන්නිතිලක මේ ජයග්‍රහණයේ වීරවරිය ලෙස නම් කරනු ලැබුවා.ඇය තරගය පුරාවට දක්ෂතා මෙන්ම සිය සම්බන්ධීකරණය ද පවත්වා ගෙන යාමේදී දැක් වූ දැක් වූ හැකියාව නිරන්තරයෙන් ජාත්‍යන්තර විචාරකයන්ගේද අවධානය ලක් වුණා.
ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගයට ශ්‍රී ලංකාව පිවිස තිබුණේ ජයග්‍රහණය සම්බන්ධ දැඩි පිපාසාවකින් බව දකින්නට ලැබුණා.එහිදී කාලයක සිට දකින තෙවන කාර්තුවේ දෝෂය මෙම තරගයේදී ද ශ්‍රී ලංකාව කෙරෙහි බල පෑ අතර තෙවන කාර්තුව බාර්බඩෝස් කණ්ඩායම ලකුණු 13 – 22 ක් ලෙස බාර්බඩෝස් කණ්ඩායම ඉදිරියේ පසු බෑවා.ඒ නිසාම අවසාන කාර්තුවට ශ්‍රී ලංකාව පිවිසුණේ ලකුණු 43 – 48 ක් ලෙස ලකුණු පහක පරතරයකින් පිටුපස සිටයි.


එහිදී පුහුණුකාරිය තිලකා ජිනදාස කාර්තු තුනකදීම ගෝල් ඇටෑක් ක්‍රීඩිකාව ලෙස හොඳ මෙහෙයක් කණ්ඩායම වෙනුවෙන් ඉටු කළ සේමිණි අල්විස් පිටතට ගෙන එම ස්තානයට දුලංගි යොදවමින් සහ අත්වැරදීම් කිහිපයක්ම සිදු කළ සෙන්ටර් ක්‍රීඩිකා නායිකා ගයංජලී අමරවංශට වින්ග් ඩිෆෙන්ස් ක්‍රීඩිකාවගේ වගකීම පවරනු ලැබුවා.සෙන්ටර් ක්‍රීඩිකාව ලෙස මල්මී හෙට්ටිආරච්චි යොදා ගත්තා.එම වෙනස සිව්වන කාර්තුවේ දී තරගය ශ්‍රී ලංකාවට දෙසට හැරෙන්නට දැඩිව බලපෑවා.ජයග්‍රහණයෙන් අනතුරුව ජාත්‍යන්තර විචාරකයන් ද පුහුණුකාරියගේ සේවය අගයමින් පැවසුවේ නිවැරදිම මොහොතේ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අගය කළ යුතු බවයි.


මල්මී ගේ ආදේශයේ පලයක් ලෙස බාර්බඩෝස් කණ්ඩායම ලකුණු 55 දක්වා එද්දී ලකුණු 5 ක පරතරය ශ්‍රී ලංකාව 52 – 55 දක්වා කෙටි කරගෙන තිබුණ අතර එතැන් සිට ලකුණු 55 සම වන තෙක්ම ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි ආක්‍රමණශීලී තත්ත්වයක් යටතේ බාර්බඩෝස් කණ්ඩායමට එල්ල කළ පීඩනය නිසා ඔවුන් ක්‍රීඩාවේ නීති උල්ළංඝණය කිරීම් සඳහා පෙළඹුණා.ඒ මතින් වඩාත් පහසු ලකුණු අවස්ථා ඒමත්,ශ්‍රී ලංකා දැල රැක ගැනීමට චතුරංගි ජයසූරිය සහ ගයනි දිසානායක දැක් වූ හැකියාවත් බාර්බඩෝස් කණ්ඩායමෙන් තරගය නැවත ශ්‍රී ලංකාව දෙසට හරවන්නට සමත් වුණා.
තරගාවලිය පුරාම මෙන්ම කාලයක සිටම තෙවන කාර්තුව ශ්‍රී ලංකාවෙන් යහපත් ක්‍රීඩා රටාවක් දකින්නට නොලැබීමට හේතුව විමසා බැලිය යුතු තත්ත්වයක්.එසේම මෙම තරගාවලියේදි කණ්ඩායම හොඳ සෞඛ්‍යමය තත්ත්වයකින් තරගාවලියට මුහුණ දීමට හැකි තත්ත්වයෙන් කළමණාකරණය කිරීමත් වෛද්‍ය ලාල් ඒකනායකට ගෞරවය හිමි විය යුතු කාරණයක්.අවසාන මොහොතේ හෝ ප්‍රතිවාදී දැල අභියස ලකුණු මැවිය හැකි විශ්වසනීය ක්‍රීඩිකා යුගලයක් හැටියට සේමිණි – තිසාලා සුසංයෝගය දියුණු කර ගත හැකි මං සෙවීමට අවශ්‍ය්‍ය සළකුණු මතු වීම වැදගත්.නමුත් වඩාත් වැදගත් වන්නේ හොඳ ජවයකින් සෑම තැනක්ම ආවරණය කළ හැකි ක්‍රීඩිකාවක් බව මේ තරගාවලියේදී ලෝකය ඉදිරිපිට පැහැදිළි වීම වැදගත්.ඒ තත්ත්වය මත ශ්‍රී ලංකාවට වැඩිම ජයග්‍රහණ ගණනක් සමඟ ලකුණු වැඩිම ප්‍රමාණයක් ලබා දී ඇති තර්ජනී සිවලිංගම්ට මුළු තරගාවලිය පුරා විනාඩි ගණනකට වඩා ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබුණු අතර ඇය සිටියේ පිටියෙන් පිටතයි.


මීට වසර ගණනකට ඉහත ලෝකයේම අවධානය යොමු කළ ක්‍රීඩිකාවක් වූ තර්ජණී නූතණ රිද්මය සමඟ නොපෑහෙන නිසා තිලකා,ඇයගේ නිර්මාණයක් හැටියට තර්ජණීගේ සිටම හැදින්වුව ද,කණ්ඩායමේ අවශ්‍යයතාවය අනුව ක්‍රීඩිකාවන් යෙදවීමට ක්‍රියා කළ ආකාරය ඇයගේ වෘත්තීය තත්ත්වය ප්‍රදර්ශණය කිරීමක් වුණා.බොහෝ ක්‍රීඩිතාවන් තේරීම් සම්බන්ධයෙන්, කණ්ඩායම් නායකත්වයන් සම්බන්ධයෙන් පුහුණුකාරියන්ව ඈදෙන නෙට්බෝල් පරිසරයක් ඇති ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය දියුණු තත්ත්වයක් වන අතර වෘත්තීමය නිපුනතාවයන් දුලබව දකින්න ලැබෙන වටපිටාවක ඇය ඇගයිය යුතු කාර්යයක් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ක්‍රීඩා කිරීමේ හැකියාවෙන් අඩුවක් නොපෙන් වුව ද,දීර්ඝ අත්දැකීම් සමඟ ඔවුන් ජාත්‍යන්තර රිද්මය හා පෑහීම අවශ්‍යය වෙනවා.මේ තරගාවලිය පුරාම දකින්නට නොලැබුණේ ඒ නොපෑහීමේ අඩුවයි.ආසියානු කුසලානය ජය ගැනීමෙන් පසු වැටුණු මල්මාලා,රූපවාහිණි වැඩ සටහන් ආදියත්,ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශණය ගැන සභාපතිණිය විිසින් ගැයූ ප්‍රශස්තිය සහ ජයග්‍රාහි කණ්ඩායම මැදට ගුවන් තොටුපළෙදීම පැන පමණට වඩා විශාල අඳුමකින් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විවිධ රංගනයත් හැරුණු කොට මේ රිද්මයට හැඩ ගැසෙන්නට දෙයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණේ නැහැ.
අනු සූරියන් වූ සිංගප්පූරුව එම තරගාවලියෙන් පසු ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීමෙන් නොනැවතී දකුණු අප්‍රිකාවේ අවසාන මාසයක පමණ කාලය හිදිමින් එරට පරිසරය තුළ ක්‍රීඩා කරමින් කැපී පෙණෙන වර්ධනයක් අත්පත් කරගෙන තිබෙන බව ශ්‍රී ලංකාව පරාජය කළ තරගයේදී කැපී පෙණුනා.ඒ නිසා පරාජ ගණනින් ජයග්‍රහණ අඩු කර ගණන් බැලීමේ කාර්යයට ප්‍රථම මේ කණ්ඩායමට ජාත්‍යන්තරය ජය ගැනීම සඳහා අවශ්‍යය වැඩි තරග අත්දැකීම් ලබා දීම වැදගත් වන අතර කණ්ඩායම ඉදිරි වසර කිහිපය ඉලක්ක කර සැකසීම සඳහා තරුණ,කාලය ඇති සංචිතයක් සැකසීම ද අතිශයින් වැදගත් වනු ඇති.
අවසානයට තරගාවලිය නිමා කරන විට බලාපොරොත්තු නොවුණු තැනක සිටිය බවත්,මීට වඩා ප්‍රගතියක් පෙන්විය හැකි තිනක සිටිය හැකිව තිබුණු බවත් පිළිගත යුතුයි.ඒ සමඟම එයට හේතුව ක්‍රිඩිකාවන්ගේ අදක්ෂතාවය සහ මඟ පෙන්වීම නොවන බවද අවබෝධ කරගෙන මේ තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම සමඟ සිටි සියලු දෙනාම අගය කරමින් ඉදිරි ගමණට වැඩි තරග අත්දැකීම් දීමේ අවශ්‍යයතාව තේරුම් ගත යුතුයි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan