*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

මැතිවරණ කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු පිරවීම කල් යයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ව්‍යවස්ථාදායක සභාව ඊයේ (02) රැස්වූ අවස්ථාවේ , මැතිවරණ කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාදීම තවදුරටත් කල් දැමීමට තීරණය කර ඇත.

අගෝස්තු මස 22 වන දින යළි ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ එහිදී  ඒ සම්බන්ධයෙන් තීරණය කරන බවයි.

ව්‍යවස්ථාදායක සභාව ඊයේ (02) රැස්වූ අතර එහිදී දැනට පුරප්පාඩුව පවතින මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනා සහ පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු සාමාජිකයා පත්කිරීම පිළිබඳව අනුමැතිය ලබාදීමට නියමිතව තිබුණු අතර ,ඊයේ දිනයේ අදාළ පත් කිරීම් සඳහා නිර්දේශ ලබාදීම සිදු නොවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan