රුමේනියාව හරහා යුක්‍රේන ධාන්‍ය අපනයන නතර වෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉස්මයිල් නමැති වරායට රුසියාව ඊයේ (02) ප්‍රබල ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කර තිබුණු අතර මේ හේතුවෙන් රුමේනියාව හරහා යුක්‍රේන ධාන්‍ය අපනයන නතර වී ඇති බව වාර්තාවෙයි.

කළු හුමුද හරහා යුක්‍රේන ධාන්‍ය අපනයනයට ඉඩ සලසමින් පැවති ගිවිසුමෙන් රුසියාව ඉවත්වීමෙන් පසු, යුක්‍රේනයට සිය ධාන්‍ය අපනයනය කිරීමේ ප්‍රධාන මාර්ගය වූයේ, රුමේනියාවේ සිට පැමිණෙන ඩැනියුබ් නදියේ අභ්‍යන්තර වරායයි.

වරායේ ගොඩනැගිලිවලට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයෙන් විශාල හානියක් සිදුව ඇති අතර, එහි පැමිණීමට නියමිතව තිබූ නෞකා සිය සංචාර නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජුලි මස මැද භාගයේ දී රුසියාව දෙවනි වරටත් කළු මුහුද හරහා යුක්‍රේන නෞකා ගමනාගමනය අවහිර කිරීමෙන් පසුව, ඩැනියුබ් නදියේ මෙම වරාය යුක්‍රේනය විසින් සිය ධාන්‍ය අපනයනය සඳහා වැඩි වශයෙන් යොදාගනු ලැබුණු අතර , යුක්‍රේන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයකු ප්‍රකාශ කරන්නේ, ඊයේ (02) එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයෙන් අප්‍රිකානු රටවලට මෙන්ම චීනය සහ ඊශ්‍රායලය වෙත අපනයනය කිරීම සඳහා ඉස්මයිල් වරාය පරිශ්‍රයේ ගබඩා කර තිබූ ධාන්‍ය ටොන් 40,000ක් පමණ විනාශ වූ බවයි.

යුක්‍රේන ධාන්‍ය, ලෝකයට අත්‍යවශ්‍ය බවත් එහි සැපයුමට විකල්ප ඉදිරිපත් කිරීමට වෙනත් රටකට නොහැකි බවත් යුක්‍රේන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඩැනියුබ් නදිය ඔස්සේ පිහිටා ඇති මෙම යුක්‍රේන අභ්‍යන්තර වරාය, විදේශ සන්නද්ධ කණ්ඩායම් සහ යුධෝපකරණ ප්‍රවාහන සඳහා යුක්‍රේනය විසින් යොදා ගන්නා බවයි රුසියාව පවසන්නේ,

එසේම  යුක්‍රේන වරායට ඊයේ  (02) එල්ල වූ ප්‍රහාරයෙන් පසු ලෝක වෙළෙඳපොළේ තිරිඟු මිල 5%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ,කළු මුහුදේ ධාන්‍ය ප්‍රවාහන ගිවිසුමෙන් රුසියාව ඉවත්වීම ලොව දුප්පත්ම රටවල ආහාර අර්බුදයකට මුල්විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ද අඟවා තිබිණි.

මේ අතර, තුර්කි ජනාධිපති තායිප් අර්ඩවාන්, රුසියානු ජනපති පුටින් සමඟ ඊයේ දුරකථන සංවාදයක නිරත වී ඇති අතර, කළු මුහුදේ ධාන්‍ය අපනයන ගිවිසුමට යළි එක්වන ලෙස ජනපති පුටින්ගෙන් ඔහු ඉල්ලීමක් කළ බවයි වාර්තා වන්නේ .

යුද්ධය තවදුරටත් දීර්ඝ කෙරෙන පියවර ගැනීමෙන් වළකින ලෙස ද ඔහු ඉල්ලා ඇති බව සඳහන් වන අතර , තමා නුදුරේදීම තුර්කියේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවයි ජනපති පුටින් එහි දී පවසා ඇත්තේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...